Colombo Today Local News

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් එම දත්ත පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (28) පෙරවරු 11.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දිවුලපිටියේ, වැල්ලපිට පිහිටි එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම සඳහා එම පුද්ගලයා විසින් විශේෂ විධානයක් සකස් කර එම දත්ත මකා දමා ඇති බවය.

දත්ත මකා දැමූ දින විධානය යොමුව තිබූ IP අංකය සහ සැකකාර මෘදුකාංග ඉංජිනේරුවරයාගේ පරිගණකයේ IP අංකය සමාන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

එමෙන්ම පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ එම සැකකාර ඉංජිනේරුවරයා නිවසේ සිට දත්ත මකා දැමීම සඳහා අදාළ විධානය සකස් කර ඇති බවය.

මූලික ප්‍රශ්න කිරීම්වලදී අත් වැරදීමකින් එම විධාන යොමු කළ බව එම ඉංජිනේරුවරයා ප්‍රකාශ කළද පසුව කළ පරීක්ෂණවලදී එය එසේ නොවන බව හෙළිව ඇතැයි පොලිීසිය සඳහන් කළේය.

කුමන අරමුණකින් එම දත්ත මකා දැමීම සිදුකළේද යන්න පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත ඩිජිටල් සහ වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා විසින් අද පෙරවරුවේ සැකකාර ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගත් අතර ඔහු හෙට (29) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරයි : පවතින ලියාපදිංචිය වෙනස් කරන්න ගාස්තු ඉල්ලයි

Admin

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගර්භණී මව්වරුන්ට දැනුම් දීමක්

colombotoday

ප්‍රභාකරන් එක්ක දමපු ඩීල් එක තමයි නන්දිකඩාල්වල දැක්කෙ – මහින්දගෙන් ඩිලාන්ට පිළිතුරු

colombotoday

එක්නැලිගොඩ බිරියගේ සිහිනය සැබෑවෙයි.. බුද්ධි නිලධාරීන් නැවතත් සිරගෙට

colombotoday

“ඉල්ලීම් කොයිතරම් සාධාරණ වුණත් ඒ ගැන කොවිඩ් වෛරසයට අවබෝධයක් නෑ.” – ගුරුවරුන්ට PHI සංගමය අනතුරු අඟවයි

colombotoday

2019 ජනාධිපති අපේක්ෂකයා මගේ සහෝදරයා විය හැකියි – හිටපු ජනපති මහින්ද පවසයි

colombotoday