Colombo Today Sports News

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 28දා ලංකාවට

එක්දින ක්‍රිකට් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ඉන්දීය කණ්ඩායම මෙම මස 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වේ.

ඒ අනුව වසර 3 කට ආසන්න කාලයකින් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායම දින 29 ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය.

ඉන්දීය කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරය කරන ලද්දේ ඉකුත් 2018 වසරේ මාර්තු මස පැවැති නිදහස් කුසලාන එක්දින තරගාවලියට වන අතර එම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමටද ඉන්දීය පිළ සමත් වුණි.

මෙම තරගාවලිය ජෛව ආරක්ෂිත පරිසරයකට යටත්ව පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Related posts

ශ්‍රී ලංකාවට නොසිතූ පරාජයක්….

colombotoday

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

colombotoday

තරග පාවා දීමේ චෝදනා: සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේපයි

colombotoday

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

Admin

යාපනේ කොල්ලව බලාගන්න ඇමති නාමල් තිසරට බාර දෙයි

colombotoday

ධනංජය ශ්‍රී ලංකාව සුපිරි ජයක් ගෙනෙයි

Admin