Colombo Today Local News

ව්‍යාපාරිකයාට වස්තුවක් උරුමයි කියා බොරු සාමි ලක්ෂ 22 ක් හොරා කාලා

වැලිපැන්න බොන්දුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට පැමිණ රුපියල් ලක්ෂ 22 ක් සොරා ගැනීමේ සිද්ධියකට සාමිවරයෙක් යැයි කියාගන්නා පුද්ගලයකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු අද (28)දින අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර හිටපු හමුදා සෙබලෙක්, වාදක කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු වේ.

ව්‍යාපාරිකයාගේ නිවසට ආරක්ෂාවක් කර ගැනීම සඳහා පුද්ගලයකු සොයමින් සිටියදී අසල්වාසී පුද්ගලයකු මාර්ගයෙන් සාමිවරයා යැයි කියා ගන්නා පුද්ගලයා හඳුන්වා දී ඇති අතර වූ පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ සිට පැමිණෙන බවට පවසා මීගහතැන්න පදිංචිව සිටි එම පුද්ගලයා ව්‍යාපාරිකයාගේ නිවස වෙත රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

ව්‍යාපාරිකයාගේ නිවසට ගිය එම පුද්ගලයා නිවස පරික්ෂා කිරිමෙන් පසුව ඉඩම ද පරික්ෂා කර ඉඩමේ තිබෙන වස්තුවකට ව්‍යාපාරිකයාට උරුමකම් තිබෙන බවත් ආරක්ෂාව කර කරගැනීමෙන් අනතුරුව ඒ දේ ලබාගැනීමට හැකියාව තිබෙන බවත් පවසා සතියක් පීලි ජාති අනුභව නොකරන ලෙස ව්‍යාපාරිකයාට හා ඔහුගේ පවුලේ අයට දන්වා තිබූ බව පොලිසිය කියයි.

නිවස ආරක්ෂා කර ව්‍යාපාරිකයාට හිමි වස්තුව ගොඩ ගැනීම සඳහා රුපියල් ලක්ෂ 22 ක් වැයවන බවත් පවසා ව්‍යාපාරිකයා එයට එකඟ වීමෙන් අනතුරුව නිවසින් පිටවී ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

සතියක් ගතවීමෙන් අනතුරුව නිවසට පැමිණ තිබූ මෙම සාමිවරයා යැයි කියා ගන්නා පුද්ගලයා හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු උපක්‍රමශීලීව ව්‍යාපාරිකයා නිවසින් පිටතට යවා නිවසේ කාමරයක අල්මාරියක තිබූ රුපියල් ලක්ෂ 22 ක මුදල සොරාගෙන හොර රහසින් පිටවී ගොස් තිබූ බව බව පොලිසියට ලද පැමිණිල්ලේ සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

වෛද්‍ය ෂාෆි ට එරෙහිව පැමිණිලි 723 ක්

colombotoday

විදුලි බල මණ්ඩලයේ සභාපති පුටුව ධම්මික පෙරේරාට !

colombotoday

ධානිෂ් අලී ඇතුළු සිව්දෙනෙකු ලබන 26 තෙක් රිමාන්ඩ්

colombotoday

අමත්‍යදුරයෙන් පහකෙරුණු විජේදාස රාජපක්ෂ දිවුරුම් දෙයි

colombotoday

ආගමන විගමන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

ETF, EPF කොල්ලෙට සහ අසාධාරණ බදු පැනවීම්වලට එරෙහි විරෝධතාවයට අධිකරණ නියෝගයක්

Admin