Colombo Today Local News

මේ සතිය ඇතුළත අලුතෙන් රැකියා විසිදාහක් – අගමැති කුලියාපිටියේදී කියයි

රට තුළ ඇතිකරන කර්මාන්ත ශාලා තුළින් මේ සතිය ඇතුළත රැකියා 20.000ක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (03) පස්වරුවේ කුලියාපිටියේදී මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවකට මුල්ගල තබමින් අගමැතිවරයා මේ බව අවධාරණය කළේය.

පන්නලදී මාක්ස් ආයතනය ආරම්භ කළ බවත්, එහි රැකියා 3000 ක් ලබා දුන් බවත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා මෙම සතිය ඇතුළතම එහි තවත් රැකියා 2000 ක් ලබා දෙන බවත් සඳහන් කළේ ය. ඒ අනුව රැකියා 7500 ක් ලබා දීමට හැකි වූ බවත්, පස්වැනි බ්‍රහස්පතින්දා හම්බන්තොට දී ඉදිකෙරෙන නව කර්මාන්තශාලාව හරහා රැකියා දසදහසක් ලබා දෙන බවත්, හෝමාගම ප්‍රදේශයේ ඉදිකෙරෙන තවත් කර්මාන්තශාලාවකින් තවත් රැකියා 2500 ක් ලබා දෙන බවත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ඒ අනුව මෙම සතිය ඇතුළත මෙම රැකියා 20,000 ලබා දෙන බවත් සඳහන් කළේ ය.

Related posts

නිල ඇඳුම් තිළිණපත්වල වටිනාකම අඩුකර නෑ – අධ්‍යාපන අමාත්‍යාංශය

colombotoday

ඇදිරි නීතිය ඉවත් කෙරේ.. ආරක්ෂාව තර කෙරේ

colombotoday

උමාරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවයි

Admin

රාජිත සේනාරත්න නැව් කම්බ හොරාගේ නාටක ඉවරයි. අප්පයි පුතයි කට ඇරියොත් කෙලින්නේ පච – විමල් වීරවංශ

colombotoday

දිළිඳුකම මගෙ ඇඟේම තියෙනවා !

colombotoday

බදියුදීන් තනි නොකරයි… සියලු මුස්ලිම් ඇමතිලා එකවර ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday