Colombo Today Local News

හමුදාවට භාර වූ කොටි සාමාජිකයන්ගේ නාම ලේඛණය අධිකරණයෙන් ඉල්ලයි

යුද්ධයේ අවසන් දින කිහිපයේදී යුද හමුදාව වෙත භාර වූ එල්ටීටීඊ සාමාජිකයින්ගේ නාමලේඛනය ජනවාරි මස 30 වෙනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මුලතිව් දිසා විනිසුරු එම්.එස්.එම් සම්සුදීන් යුද හමුදාවට නියෝග කළා. සාක්ෂි සහිතව යුද හමුදාව වෙත භාර වූ එල්ටීටීඊ සාමජිකයින් පිරිසක් අතුරුදහන් වී ඇති බවට මුලතිව් අධිකරණයේ පවරා ඇති හබයාස්කෝපස් නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ සාක්ෂි ලබා දීමට පැමිණි යුද හමුදා මේජර් ජනරාල් එස් ගුණවර්ධන මීට ඉහතදී මුලතිව් අධිකරණය හමුවේ ප්‍රකාශ කොට තිබුණේ භාර වූ එල්ටීටීඊ සාමාජිකයන්ගේ නාමලේඛනයක් යුද හමුදාව සතු බවයි.

රජය පුනරුත්ථාපනය කිරීම පිණිස භාර ගනු ලැබූ එල්ටීටීඊ සාමාජිකයින්ගේ නාමලේඛනයක් ඔහු විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බව කී නීතිඥ කේ.එස් රත්නවේල් එය පිළිගැනීමට නොහැකි බව අධිකරණය හමුවේ දැනුම් දුන් බව සඳහන් කළා.

ඉන් අනතුරුව ජනවාරි 30 වෙනිදා ඊට අදාළ නාමලේඛනය ඉදිරිපත් කරන මෙන් විනිසුරුවරයා නියෝග කළ බව ද ඔහු පැවසුවා.

යුද හමුදාව වෙත භාර වූ එල්ටීටීඊ සාමාජිකයින් හාරසීයකට ආසන්න පිරිසක් මේ වනවිට අතුරුදහන් වී ඇති බව පවසමින් ඔවුන්ගේ ඥාතීන් මුලතිව් අධිකරණය වෙත හබයාස්කෝපස් නඩු දාහතරක් ගොණු කොට තිබෙනවා.

එල්ටීටීඊ සාමාජිකයන් යුද හමුදාව විසින් භාර ගනු ලැබූ අවස්ථාවේදී සාක්ෂිකරුවන් වශයෙන් කතෝලික පූජකවරු දෙදෙනෙකු යුද හමුදාව පත් කොට සිටි බව කී නීතිඥ කේ.එස් රත්නවේල් එල්ටීටීඊ සාමාජිකයින් රැගෙන යන අවස්ථාවේ එම පූජකවරුන් ද යුද හමුදාව බස් රථ වල නංවා ගනු ලැබ ඇතැයි පැමිණිල්ලේ සඳහන් කොට ඇති බව කියා සිටියා.

නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ එම කතෝලික පූජකවරුන් දෙදෙනා ද මේ වන විට අතුරුදහන් වී ඇති බවට වවුනියාව අධිකරණයේ නඩු දෙකක් ගොනු කොට ඇති බවයි.

Related posts

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

Admin

දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළෙයි – අයෙක් අතුරුදන්

Admin

ඒකාබද්ධයේ හතරක් එජාපයට !!

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග ජාවාරම්කරුවන් 5ක් වත්තලදී අත්අඩංගුවට..

colombotoday

වසරේ හොඳම විහිළුව රනිල්ගෙන් වසර 05ටම ඩොලර් 33යි ණය ඩොලර් බිලියන 07යි.. උදය ගම්මන්පිල රනිල්ගේ රෙදි ගලවයි

colombotoday

සතොසේ සුදුළූණු බහාලුම් 02ක් හොර පාරෙන් විකිණූ නිලධාරීන්ගේ වැඩතහනම්

colombotoday