Colombo Today Local News

“ඇමති හැරිසන් මහා සහල් ජාවාරමක“ ජනපති සොයුරු ඩඩ්ලි මාධ්‍ය හමුවේ හෙළිකරයි (Video)

අද රටේ ඇති වී තිබෙන සහල් අර්බුදයට ඇමති පී. හැරිසන් සෘජුවම වගකිව යුතු යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ප‍්‍රසිද්ද ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන චෝදනා කරනවා. ඊයේ (27) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ලබන අප්‍රේල් මාසය දක්වා මේ රටේ කිසිදු සහල් හිගයක් නැති බව තමා ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවත්, වී අළෙවි මණ්ඩලයේ වී නිකුත් කිරීමේ වගකීම සභාපතිවරයා සහ අධ්‍යක්ෂකවරයා වෙත පැවරී ඇති බවද ඔහු සදහන් කලා. නමුත් ඒ කාර්ය මණ්ඩලයේ අනුමැතිය සහිතව හෝ එසේත් නැතිනම් ඒ අයගේ බලතල බලෙන් පවරා ගෙන පි. හැරිසන් අමාත්‍යවරයා ඊයේ උදෑසන බ්‍රෝකර්වරයෙකු සදහා වී කිලෝ ලක්ෂ 5ක් ලබාදුන් බවද ඔහු අනාවරණය කර සිටියහ.

අදාළ බ්‍රොකර්වරු විසින් මේ සහල් රු .50.00 ට විකුණා දමන බවත්, රජයට මේ සදහා රු .43.65 ක් බවත් මේ රු. 7.00 ආණ්ඩුවට ලබා ගත හැකි මුදල් බව ඔහු කියා සිටියා. ආණ්ඩුව සතුව වි කිලෝ කෝටි 20 ක් පවතින බවත්, මේ වී කිලෝ කෝටි 20 සදහා ගණන් බැලුවහොත් රජයට මේ හරහා රුපියල් කෝටි 140 මුදලක් ලැබෙන බවත්, මාස 3 ක පමණ පටන් මේ වී ලබා දීම රජය ප්‍රමාද කර ඇති නිසා සහල් මිල ඉහළ ගොස් ඇති බවයි ඔහු කියා සිටියේ .

Related posts

අඩු ආදායම්ලාභී ලක්ෂයකට පුහුණුවෙන් පසු ඔක් 01 සිට රජයේ රැකියා !

colombotoday

සපත්තුත් ගෙවීමේ ක්‍රමයට වෙළදපොලේ

colombotoday

නදීශා ප්‍රසිද්ධියේම ‘සිල් බිඳ ගනී’.. මඩු වල්ගෙන් තලන්න වෙයි!

colombotoday

ඊබ‍්‍රාහිම් සිරකර තැබීමත් ගම්මිරිස් මිල පහත යාමට හේතුවක්- අගමැති

colombotoday

බෑනාගෙන් පහරකෑ මාමා මරු දකී

Admin

සුළු වැරදිවලට හා ඇප තැබීමට නොහැකිව බන්ධනාගාරයේ සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්න ජනාධිපතිගෙන් උපදෙස්

colombotoday