Colombo Today Local News

හබරාදුව ග්‍රාමසේවකවරයෙක් උපකාරක පන්තියට ආ සිසුවා අපයෝජනය කරලා

පාසල් සිසුවෙකු අපයෝජනය කරන ලද ග්‍රාමසේවක නිලධාරියෙකු අද (27)දින පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන 37 හැවිරිදි ග්‍රාම සේවකවරයෙකි.

මෙම ග්‍රාමසේවකවරයා ගණිත විෂය සම්බන්ධයෙන් උපකාරක පංති ද පවත්වනු ලබන අයෙකි. ඔහුගේ උපකාරක පංතියට පැමිණ ඇති 16 හැවිරිදි මෙම සිසුවා 2018 වසරේ සිට බියට පත්කර දිගින් දිගටම අපයෝජනය කර ඇති බවත් පසුව එය ඉවසාගත නොහැකිව සිසුවා සිය ඥාති පුතෙකුට පැවසීමෙන් පසු මවට දන්වා පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිසිය පවසයි.

සිසුවා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකාර ග්‍රාම සේවකවරයා අද ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

“මා යුධ රහස් හෙළිකරන තුට්ටු දෙකේ මිනිහෙක් නොවේ“ සෙන්පති කමල් කුහකයන්ගේ කන පැළෙන්න දෙයි !

colombotoday

දුප්පත්කම නැති කරන්න ජනාධිපති කාර්යසාධක බලකායක් !

colombotoday

තන්නිමුරිප්පු භූමියට TNA උසාවි යයි

colombotoday

“ආවා“ කල්ලියට අරමුදල්, අත හිත නෝර්වෙන්

colombotoday

පුත්තලම කලපු තීර උද්‍යානයේ නාඳුනන මළ සිරුරක්

Admin

ගාලු මුවදොරට හමුදාව කැඳවයි

colombotoday