Colombo Today Local News

අල්ලස් ගෙන රැඳවියෙකුට දුරකථන දුන් ජේලර් මාට්ටු

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සේවයේ නියුතු ජේලර්වරයෙකු විසින් එම බන්ධනාගාරයේ රදවා ඇති සැකකරුවෙකුට ජංගම දුරකථන දෙකක් බන්ධනාගාරය තුළට රැගෙන ගොස් ලබා දීමට උත්සහ දරා තිබේ.

එම බන්ධනාගාර අධිකාරිවරයට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ මුලික විමර්ෂණයේ දි අදාළ ජේලර්වරයා ජංගම දුරකථන දෙකක් සැකකරු අතට පත්කිරිම සදහා සැකකරුගේ බිරිදගෙන් රුපියල් එක් ලක්ෂ දසදහසක් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

සිදුවිමට අදාළ ජේලර්වරයාගේ රාජකාරි වැඩ විනය පරික්ෂණයකට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිද තහනම් කිරිමට බන්ධනාගාර මුලස්ථානය විසින් කටයුතු කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව වැඩි දුරටත් විමර්ශණ කටයුතු සිදු කරයි.

Related posts

“මාධ්‍ය මට ගැහුවොත් මාත් ගහනවා.. ගහන්නෙ ප්‍රසිද්ධියේමයි“ අගමැති කියයි

colombotoday

“මහා පරාක්‍රමබාහුගෙන් පසු මේ රටේ කෘෂිකර්මය නගා සිටවූයේත් මමයි.. මට සලකනවා මදි’’ – එස් බී දිසානායක

colombotoday

බස් වර්ජනයක්?

Admin

පාර්ලිමේන්තුව නැවත් කල් තබයි

colombotoday

කැලෑවක දමා ගිය දින දෙකක් වයසැති සිගිත්තිය

colombotoday

“ඉන්දියන් ක්‍රමයට” දඬුවම් දෙන්න ගිය පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්.

colombotoday