Colombo Today Local News

2000සේ දීමනාව හිමිනොවූ පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව

රුපියල් 2000 දීමනාව හිමිනොවූ පුද්ගලයින්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇතැයි, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය සඳහන් කරයි.

එම බලකාය සඳහන් කළේ , දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වනවිට ආදායම් අහිමි වූ පුද්ගලයින්ට රුපියල් 2000 දීමනාව ලබා දෙමින් ඇති බවය.

රුපියල් 2000 දීමනාව ලබා දීම අවසන් කළ ප්‍රදේශවල ජිවත්වන, ආදායම් අහිමි වූ නමුත් මෙතෙක් එම දීමනාව නොලැබී ඇත්නම් ඒ පිළිබඳ අභියාචනා ප්‍රාදේශිය ලේකම් වෙත ඉදිරිපත් කළ හැකිය.

සෙසු ප්‍රදේශවල රුපියල් 2000 දීමනාව ලබා දීම කඩිනමින් ක්‍රියාවට නැවීමට පියවර ගෙන ඇති බව ද, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය සඳහන් කළේය.

Related posts

Video – ආණ්ඩුව සිංහල බෞද්ධ හිමිකම් උල්ලංඝනය කරලා – බොදු බල සේනාව මානව හිමිකම් කොමිසමට

colombotoday

පොඩි ලැසී ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

colombotoday

කොරෝනා ආසදිතව සුව වී දින 2කින් තරුණියක් මිය යයි

colombotoday

සජිත්-රනිල්-චන්ද්‍රිකාගේ රට කැබලිකිරීමේ ප්ලෑන

colombotoday

එස්.බී. ගේ නිවසේදී මෛත්‍රී-මහින්ද රහස් හමුවක්…

colombotoday

ගොවීන්ට පොහොර ගන්න වවුචර් පතක්

colombotoday