Colombo Today Local News

විපක්ෂ නායකයා කළ වැඩේ පිළිකුල්.. නීති විරෝධීයි.. ඔහු හමුදාවෙන් සමාව ගත යුතුයි

දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් මහතා කිලිනොච්චි පරවිපච්චාන්හි යුද හමුදා කදවුරකට බලහත්කාරයෙන් ඇතුළුවීම තරයේ හෙළා දකින බව ජාතික හෙළ උරුමය පවසයි.

සම්බන්ධන් ශී‍්‍ර ලංකා යුද හමුදා නිලධාරීන්ගෙන් සමාව ගතයුතු බව එහි නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දෙයි.

මේ රටේ පාර්ලිමේන්තුවේ වැදගත් තනතුරක් උසුළන ආර්. සම්බන්ධන් මහතා සාමයට කැමැති සියලුම දෙනාගේ පිළිකුලට ලක්වෙන ක්‍රියාවක් සිදු කළ බවත් එය යුද හමුදාවට සිදුකළ අපහාසයක් බවයි උන්වහන්සේ පෙන්වා දෙයි.

මේ පිළිබද ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා ප‍්‍රකාශ කළේ ආර්. සම්බන්ධන් මහතා වහා අත්අඩංගුවට ගතයුතු බවයි.

හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළුවීම නීතිවිරෝධි ක්‍රියාවක් බවත් රජය වහාම මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළයුතු බවත් උතුරු පළාතේ ආරක්‍ෂාව දුර්වල කිරීම දෙමළ සන්ධානයේ උපක‍්‍රමයක් බවත් මොහොමඞ් මුසම්මිල් මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

ශාසනය ගොඩගන්න තනිවම හරි සටන් කරනවා – ඥානසාර හිමි

colombotoday

ලොව මවිත කරමින්, දවස් 7න් හදන්න ගිය චීන කොරෝනා රෝහල දවස් දෙකෙන් සාදා විවෘත කරයි !

colombotoday

ඊබ‍්‍රහිම් ශාහීද් ‘යසින්ත’ නමින්ද පෙනී ඉඳලා – කඳානේ පදිංචි බවට හැඳුනුම්පතකුත්

colombotoday

අවුරුදු 28ක් වසා තැබූ මාර්ගයක් ජනපති විවෘත කරයි

colombotoday

අප්‍රේල් 01 සිට අලුත් වැට් බද්දක්.. ආදර්ශය ඝානාවෙන්

colombotoday

මත්පෙති සමග අයෙක් වත්තලදී අල්ලයි

colombotoday