Colombo Today Local News

කාගෙන්වත් අවසර එපා.. ශිවාජිලිංගම් “ජනසංහාර සතිය අරඹයි”. පළමු සැමරුමට පස් දෙනයි.. මහ සැමරුම මැයි 18

sivajilingam

උතුරු පළාත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම්ගේ ප්‍රධානත්වයෙන් යුද්ධයෙන් මියගිය අය සැමරීම සදහා ඊයේ යාපනයේදී සමරු උත්සවයක් සංවිධානය කර තිබිණි.

“ජන සංහාර සතිය” නමින් මියගියවුන් සරමණ සතියක් ඊයේ සිට ප්‍රකාශයට පත්කර ඇති බව පැවසූ ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා යුද්ධයේදී දෙමළ ජන සංහාරයක් සිදුවූ බවද, ඒ පිළිබද පණිවිඩය ලෝකයට ගෙන යෑමට මෙය අවස්ථාවක් කරගන්නා බවද පැවසීය.

මෙවන් උත්සව සමරු මාලාවක්ම පැවැත්වීමට ඔහු සැලසුම්කර ඇති අතර මැයි 18 වනදා යුද්ධයේ අවසානය සිදුවූ වෙල්ලමුල්ලිවෛක්කාල් ප්‍රදේශයේදී ප්‍රධාන සැමරුම පවත්වන බවද, ඊට උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා සහභාගී වීමට නියමිත බවද ඔහු සදහන් කළේය.

යුද්ධයෙන් මියගිය දෙමළ ජනයා සැමරීමට කාගෙන්වත් අවසරගත යුතු නැතැයි ඔහු පවසා තිබිණි. කෙසේ වෙතත් ශිවාජිලිංගම් විසින් ඊයේ පැවැත්වූ සමරුවට සහභාගී වූයේ ඔහුත් සමග පුද්ගලයන් පස් දෙනෙකු පමණක් වීම විශේෂත්වයකි.

කොටි සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් සැමරීමට රජය කිසිසේත් ඉඩ නොදෙන බවත්, ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට හමුදාව හා පොලීසියට උපදෙස් දී ඇති බවත් ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ඊයේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි.

Related posts

මිලියන 1.5ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග තිදෙනෙක් අල්ලයි

colombotoday

බඩු මිල වැඩි වුනාට ජනතාව ආණ්ඩුවට බනින්නේ නෑ

Admin

විදුලි ඉංජිනේරුවරු දැඩි ක්‍රියාමාර්ගයකට යයි

colombotoday

“මුදල් ඇමතිගේ ප්‍රකාශ බොරු.. අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් වැට් බදු ගෙවන්න වෙලා” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

ජා ඇලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමග 06ක් අත්අඩංගුවේ

colombotoday

සිප් සතර විකිණීම “ගුරු සේවයට තරම් නොවේ“

colombotoday