Colombo Today Local News

අසංවරවර ඇවිත්, හිරුණිකා උසාවියට අගෞරව කරලා.. විනිසුරු මඩුල්ලෙන් දැඩි අවවාද

hirunika

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය ඊයේ දැඩි ලෙස අවවාද කර තිබේ. ඒ අධිකරණයට පැමිණෙන විට අධිකරණයට ‍ගෞරව කර පැමිණෙන ලෙසයි.

මෙහි දී අධිකරණයට පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇමතූ අධිකරණය සඳහන් කළේ ගෙදර එන ආකාරයෙන් කඩා බිඳගෙන අධිකරණයට ඒම එහි කාර්ය පටිපාටියට බාධාවක් බවය. එසේම ඕනෑම පුද්ගලයකු අධිකරණයට ඇතුළු වීමේ දී ගෞරව කර ආචාර කර ඇතුළුවීම සිදු වුවත් මේ තැනැත්තන් එසේ නොපැමිණීම කනගාටුවට කරුණක් බව ද පැවසීය. අධිකරණයට පැමිණීමේ දී ඇය ඉතාමත් තද වර්ණයකින් යුතු ඇඳුමකින් සැරසී සිටි අතර සුදුසු ඇඳුමකින් සංවර ලෙස පැමිණිය යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහි දී අධිකරණයේ නැගී සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ “මං විනිසුරු මඬුල්ලට ආචාර කළා. විනිසුරු මඬුල්ල ඒක දැක්කේ නැහැ.” යනුවෙනි. එහි දී අධිකරණය සඳහන් කර සිටියේ අධිකරණය විසින් සියලුම දේ පරීක්ෂා කරනු ලබන බවත් තමන් අධිකරණයට ගෞරව නොකළ බව අධිකරණයට අධීක්ෂණය වී අවසන් බවත්ය. එසේම නැවත වරක් මේ ආකාරයෙන් හැසිරුණහොත් අවවාද කිරීමකින් තොරව නීතිමය පියවර ගන්නා බවත් මේ අවසන් අවවාද කිරීම බවත් තරයේ පැවසීය.

 

Related posts

ජනවාරි මස පළමු වනදා සිට සිනමා ශාලා විවෘත වේ.

colombotoday

මෛත්‍රීගේ තීරණයට චන්ද්‍රිකා එරෙහි වෙයි… රැස්වීමෙන් නැගිට යන්න යයි…

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි වරෙන්තුව අවලංගු කෙරේ…

colombotoday

තොරතුරු තාක්ෂණයේ අනාගත නියමුවන් බිහිකරන Future IT දීපව්‍යාප්ත වැඩමුළුවේ සමාරම්භය

colombotoday

පාඨලී ස්වාධීන වෙයි

colombotoday

නීති විරෝධි ගිනි අවි නිෂ්පාදනය කරමින් සිටි අයෙක් කොටු

colombotoday