Colombo Today Local News

යල කන්නයට ඉන්දියාවෙන් ණයට පොහොර

යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඉන්දීය ණය ආධාර යටතේ මෙම පොහොර තොගය ලැබෙන අතර මෙරටට ලැබී දින 20ක් ඇතුළත මෙම පොහොර තොගය බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් ද නිකුත් කරමින් සදහන් කරයි.

වාරිමාර්ග ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ විසඳුම් පිළිබඳ ඊයේ (ජූනි 1) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

මෙහිදී උමාඔය සහ මොරගහකන්ද ව්‍යාපෘති මෙම වසර නිම වීමට පෙර අවසන් කර මහ කන්නය සඳහා ප්‍රතිලාභ ලබා දිය හැකි බව ත් මොරාණ, මහගල්ගමුව පෝෂිත ඇළ, මහගෝණ වැව, විලකණ්ඩිය වැව සහ ගොඩිගමුව වැව ව්‍යාපෘති මීට සමගාමීව වැඩ නිම වීමට නියමිත බව ත් මෙහිදී අනාවරණය වී තිබේ.

එමෙන් ම විදේශීය අරමුදල් යටතේ අරඹා ඇති ව්‍යාපෘති අපේක්ෂිත කාලසීමාවේදී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී ඇත.

යල කන්නයේ වගා කටයුතු සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය යටතේ ජලය සැපයෙන ඉඩම්වලින් 50%ක් මේ වන විට වපුරා ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

ශ්‍රී ලංකාවේ කොරෝනා පාලනය ලෝකයම පුදුම කරලා.. ලංකාවේ ක්‍රමවේදය ලෝකයම අධ්‍යනය කරනවා..- නෝර්වේ තානාපති කියයි

colombotoday

කල් ඉකුත් වූ වී මිලදී ගෙන ගබඩා කෙරු නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

colombotoday

PCR පරීක්ෂණ සිදු කළ හැකි අධිතාක්ෂණික රසායනාගාර 5 ක්

colombotoday

මන්ත්‍රීන්ට දීපු සහනේ ඉල්ලා වැලිකඩ කැලඹෙයි | සිරකරුවන්ට මෙල්ල කරන්න කැරලි මර්දෙනෙත් එයි

colombotoday

ජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි නියෝග කරමින් ගැසට් නිවේදනයක්

Admin

කොළඹ ජාතික රෝහලෙන් බැහැර කෙරෙන මිනිස් ශරීර කොටස් පැටවූ කන්ටේනරයක් අනුරාධපුරයේදී පොලිස් භාරයට

colombotoday