Colombo Today Local NewsNew Constitution

ව්‍යවස්ථා මරඋගුල එරෙහිව මහ සග සමුළුවක් කැදවයි.. සියලු දේශප්‍රේමීන් එකම වේදිකාවකට !

2365323676562jkවත්මන් නායකයන් සංහිඳියාව නමැති කසාය බී පිස්‌සු නටන බවත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය නමැති මර උගුල පරාජය කිරීමට සියලු දෙනා ජාති, ආගම්, කුල බේදයකින් තොරව එක්‌විය යුතු බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සඳහන් කළහ.

උන්වහන්සේ එම අදහස්‌ පළ කළේ ඊයේ (06 දා) කිරුළපන බෝධි මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේ ද පැවසූහ,

අපගේ නායකයෝ සංහිඳියාව නමැති කසාය බීලා පිස්‌සු නටනවා. පළාත්වල ආණ්‌ඩුකාරවරයා සතු බලය අහිමිකරන්න උත්සාහ කරනවා. ඡේ. ආර්. මහතාගේ ව්‍යවස්‌ථාවේ තිබූ මහා බර ඉසිලූ සක්‌ක කෑලි ඉවත් කරන්න වත්මන් ආණ්‌ඩුව උත්සාහ කරනවා. හැබැයි මෙම සක්‌ක කෑලි තමයි මහා බරක්‌ උසුලාගෙන තිබෙන්නේ.

රට කලාප හයකට බෙදන්න වත්මන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ සූදානම් වෙනවා. මේ ව්‍යවස්‌ථා මර උගුල පරාජය කරන්න ජාති ආගම් කුල බේදයකින් තොරව සැවොම එකතුවිය යුතුයි.

දරුවන් ගැන හැඟීමක්‌ තියෙන්නේ අම්මා තාත්තලාටනේ. එහෙම නැති උන්ට වඳ පීදුණු නායකයන්ට රටේ අනාගතය තීරණය කරන්න ඉඩ දෙනවා ද කියා සබුද්ධික ජනතාව තීරණය කළ යුතුයි. මේ මස අග හාමුදුරුවරු තුන්හාරදහසක්‌ කොළඹට කැඳවා ව්‍යවස්‌ථා මර උගුල පරාජය කිරීමේ කාර්යයට මුල පුරන්න අප කටයුතු කරනවා.

ඡේ. ආර්. මහතාගේ ව්‍යවස්‌ථාව තවදුරටත් තිබිය යුතුයි. එසේම විධායක ජනාධිපති ක්‍රමයත් තිබිය යුතුයි. එය තිබුණායි කියලා මොකක්‌ ද තියෙන ප්‍රශ්නය. මේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්න නම් ඡේ. ආර්. ජනාධිපතිවරයාට වඩා තුන් කල් දකින නායකයකු ඕන කරලා තිබෙනවා. දැන් අපට ඒ සුදුසුකම නැහැ. මේ විධායකය තිබිය යුත්තේ ධර්මය මත පදනම් වූ ඒකාධිපතිවරයකුටයි. හරිනම් මේ බලතල තව තවත් වැඩි වන්න ඕන.

Related posts

පාර්ලිමේන්තු විවාදය ඇරඹේ…

Admin

ජවිපේ සන්නද්ධ අංශ නායකයෙකුගේ බිරිඳට අමාත්‍යංශ ලේකම් පට්ටමක් දීලා

Admin

Dialog 4G රු.2900 පැකේජයට සෑම මසකම රු.3900 ක් කපාගෙන. – මුදල් වංචාව සම්බන්දයෙන් TRC විමර්ශනයක්

colombotoday

චීන – ලංකා විවෘත විශ්වවිද්‍යාල අතර වසර පහක මිත්‍ර ගිවිසුමක්

Admin

තවත් ආයතන හයක ලොක්කෝ කෝප් කමිටුවට කැඳවයි

Admin

‘මේ රටට විනෝදාස්වාදය අවශ්‍යයි’

Admin