World

ව්‍යවස්ථා සංශෝධන ජනමතවිචාරණයෙන් අන්ත පරාජයක්.. ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

ඉතාලියේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වෙනුවෙන් පැවැත්වූ ජනමත විචාරණයෙන් අන්ත පරාජයක් ලැබීම හේතුවෙන් එරට වත්මන් අග්‍රාමාත්‍ය මෙට්ටිඕ රෙන්සි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

මධ්‍යම රාත්‍රියේදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් අගමැතිවරයා කියා සිටියේ මැතිවරණ ප්‍රතිඵලයේ වගකීම තමා භාරගන්නා බවයි. ඒ අනුව, මෙම මැතිවරණයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් නොකළ යුතු බව කියා සිටි පාර්ශවයට අවස්ථාව ලබාදෙන බවයි.

ජනමත විචාරණයේ ප්‍රතිඵල අනුව අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වය හෙවත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය යැයි කියූ පර්ශ්වයට ලැබී තිබුණේ 42% – 46% ත් අතර ඡන්ද ප්‍රතිශතයකි. නමුත්, ඊට එරෙහිව සිටි පාර්ශ්වයට 54% – 58% ත් අතර ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබුණි.

ජනමත විචාරණය පරාජය වීම හා අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම නිවේදනය කිරීමත් සමග රෝම නගරයේ තැනින් තැන උත්සවශ්‍රීයක් ගෙන තිබූ බවද විදෙස් වාර්තා පවසයි. වසර දෙකහමාරක පමණ කාලයක් බලයේ සිටි මෙට්ටිඕ රෙන්සි නව ව්‍යවස්ථා සංශෝධනය හරහා රට ඉදිරියට ගෙනයන බව කියා සිටියත්, ඉතාලි ජනතාවගේ අපේක්ෂාව ඊට හාත්පසින්ම වෙනස් වී තිබූ බව මැතිවරණය ප්‍රතිඵලය පෙන්නුම් කර ඇත.

Related posts

සූවස් ඇළේ සිරවුණු නෞකාව ලෝක ආර්ථිකයත් සිර කරන ලකුණු

colombotoday

ඊයේ ඉහළ ගිය බොරතෙල් මිල පහළට

Admin

බ්‍රිතාන්‍ය අසරණ කල නව කොවිඩ් ප්‍රභේදය

colombotoday

සෞදි අරාබිය පනවා තිබූ ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම ඉවතට

colombotoday

Whatsapp සංවාද සුරකින්න “ChatLock” හඳුන්වා දෙයි..

Admin

වෙළෙඳපොළට නිකුත්කර තිබූ මෝටර් රථ 634,000ක් ෆෝඩ් සමාගම නැවත ගෙන්වයි

Admin