Colombo Today Local News

තෙමහල් නිවසක කුෂ් වගාවක් වටලයි

මුල්ලේරියාව – හිඹුටාන ප්‍රදේශයේ නිවසකින් කුෂ් මත්ද්‍රව්‍ය නිපදවන ශාක 33ක් තලංගම දූෂණ මර්දන අංශය විසින් අද(26)දින සොයා ගෙන තිබේ.

තෙමහල් නිවසක ඉහළ මාලයේ විශේෂිත කුටියක මෙම කුෂ් මත්ද්‍රව්‍ය නිපදවන ශාක වගා කර තිබියදී සොයා ගෙන ඇත.

වායු සමීකරණ යන්ත්‍ර සවි කර නියමිත උෂ්ණත්වය පවා පවත්වාගෙන යමින් අදාළ කුටියේ මෙම ශාක වගා කර තිබූ අතර, එම නිවස ඉදිකිරීම් සිදු කරන පුද්ගලයෙකුට අයත් බවට හෙළි වී තිබේ.

43 හැවිරිදි එම සැකකරු සහ අදාළ නිවසේ වගා කරන ලද ශාක තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා තලංගම දූෂණ මර්දන අංශය විසින් මුල්ලේරියාව පොලීසියට භාර දී තිබේ.

Related posts

බටර් පැකට් දෙකක් සොරකම් කළ පොලීසියෙන් වෙඩි කෑ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday

අතින් පයින් පහරදුන් එරාවුර් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

colombotoday

ජනපතිගෙන් නව වෙළඳපොළ සංකල්පයක්

colombotoday

කොවිෂීල්ඩ් එන්නත ගැන මෙරට පර්යේෂණ කණ්ඩායමක් සොයා ගත් කරුණු

colombotoday

ප්‍රභාකරන් සැමරීමට සියල්ල සූදානම්… යාපන විශ්වවිද්‍යාල පරිශ්‍රයේ යුද සැමරුම් ස්මාරක ඉදිවේ

colombotoday

ගිනිගත් නෞකාවේ හිමිකරුවන්ගෙන් මිලියන 340ක් ඉල්ලයි

colombotoday