Colombo Today Local News

ගුවන් මගීන්ට තත්පර 20න් ලියාපදිංචි වෙන්න මාර්ග ගත ක්‍රමයක්

ගුවන් මගීනට තත්පර 20 ක් ඇතුළතදී ලියාපදිංචි වීමට හැකි මාර්ග ගත ක්‍රමවේදයක් හදුන්වා දුන් බව ඇතැයි ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක පවසයි.

කටුනායක ගුවන්තොටුපලේ සිට මගීන් හැසිරවීමේ ක්‍රියාවලිය පහසු හා කාර්යක්ෂම කිරීම සඳහා හදුන්වා දී ඇති මාර්ග ගත සෞඛ්‍ය ප්‍රකාශන පද්ධතියක් හරහා එලෙස ලියාපදිංචි වීමට ගුවන් මගීන්ට අවස්ථාව හිමිවන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ගුවන් මගී හැසිරවීමේ ක්‍රමවේදයේ වර්තමාන වෙනස්කම්වලට අවධානය යොමු කරමින්, වඩාත් කාර්යක්ෂම හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් සහිත නව මාර්ග ගත සෞඛ්‍ය ප්‍රකාශන පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කළ බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. එහිදි කිසිදු කඩදාසියක් ප්‍රයෝජනයට නොගන්නා බව ද අමාත්‍යවරයා කියා සිටි.

Related posts

අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගම ලක්ෂ 4,445ක හිඟ බදු ගෙවලා !

colombotoday

ඇමති රිෂාඩ් යළි වැඩ අරඹයි

colombotoday

මෛත්‍රී මියගියොත් ජනපති පුටුවට රනිල්… ඝාතන කුමන්ත්‍රණය කාගේදැයි එස්.බී. කියයි… ජනපතිගේ ආරක්ෂාව තර කරයි…

colombotoday

රනිල් ඇතුළු පිරිසට SJB දොර තවමත් විවෘතයි – සජිත්

colombotoday

කළුතර දැරිය ඝාතනය : සැකකරුවෝ යළි රිමාන්ඩ්

Admin

2019 විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත්වේ

colombotoday