Colombo Today Local News

බිලියන 29ක බැදුම්කර ගිණි පොලියට නිකුත් කරලා.. පාඩුව කෝටි 200කට අධිකයි!

පසුගිය මාර්තු 29 වැනිදා සිදුවූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී අධික පොලියට රු. කෝටි 2900 ක බැඳුම්කර ලංසු පිළිගැනීම නිසා රජයට රු. කෝටි 200 කට අධික පාඩුවක්‌ සිදුව ඇතැයි මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති.

මෙම බැඳුම්කර වෙන්දේසියේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. බිලියන 10 ක භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කරන බව ප්‍රසිද්ධ කොට ඒ ප්‍රමාණය මෙන් තුන් ගුණයක එනම් රු. බිලියන 29 ක භාණ්‌ඩාගාර බැඳුම්කර සියයට 14.23 ක අධික පොළියට නිකුත් කර ඇත.

මෙසේ මුලින් ප්‍රසිද්ධ කළ බැඳුම්කර වටිනාකම ඉක්‌මවා අධික පොලියට භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් රජයේ පොලී වියදම විශාල වශයෙන් ඉහළ යැම නිසා මේ අතිවිශාල පාඩුව රජයට සිදුවන බවද එම මූල්‍ය වෙළෙඳ පොළ නියෝජිතයෝ ප්‍රකාශ කරති.

අදාළ බැඳුම්කර ලංසු පිළිගත් වහාම මෙම රු.කෝටි 200 කට අධික පාඩුව සිදුව ඇති බවද එම බැඳුම්කර කල් පිරෙන වසර 14 ක කාලය අනුව ගණන් බැලීමේදී මේ පාඩුව මීට වඩා ඉහළ යනු ඇතැයිද ඔවුහු තවදුරටත් අවධාරණය කරති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

Related posts

රට අගුළු දමා ඇති කාලසීමාවේදී ගුවන් මෙහෙයුම් අඛණ්ඩව

colombotoday

වැට් බද්ද 15% දක්වා ඉහළට.. පනත වැඩි ඡන්දයෙන් සම්මතතයි

colombotoday

අවුරුද්දට නොවැස්සොත් විදුලි කප්පාදු කාලයත් ඉහළට…

colombotoday

රිමාන්ඩ් කර සිටි හිටපු සීඅයිඩි ලොක්කා, ශානි අඹේසේකරට කොරෝනා

colombotoday

පාර්ලිමේන්තුව යටවීමේ අවදානමක්.. ආරක්ෂක අංශ සීරුවෙන්.. වැලි කොට්ට සූදානම්

colombotoday

නිදහස (ස)මරන්න ලංකාවට ආ වෙල්ලස්‌ස සංහාරකයාගේ මීමුණුබුරු කුමාරයා

colombotoday