Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ඉල්ලීම නිසා මානව හිමිකම් කොමසාරිස් ට්‍රම්ප් ළග අසරණ වෙයි !

thyuiiශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ලකරන ජිනීවා යෝජනාව ඉවත්කර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදය නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටීම නිසා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් බරපතළ අර්බුදයට මුහුණපා ඇතැයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග දක්‌වයි.

ජිනීවා යෝජනාව ඉවත්කර ගැනීමේ බලය ඇත්තේ ඇමරිකානු ජනාධිපතිට නිසා ඊට එරෙහිව සෙයිද් රාද් හුසේන්ට බලය පාවිච්චි කළ නොහැකි බව එම ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අතර කොටි හිතවාදීන් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කි මූන්ගේ ප්‍රකාශක පර්ගාන් හන්ගෙන් ජිනීවා යෝජනාව ඉවත් කර ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා ඇත. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පුටින්ගෙන් කළ ඉල්ලීම ගැන මානව හිමිකම් කොමසාරිස්‌ මෙතෙක්‌ ප්‍රතිචාර දක්‌වා නැත.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑල වැඩ වර්ජනයක්

Admin

වසවිස නැති, කොන්ද පණ තියන කෙනෙක් මීළග ජනාධිපතිකමට ගේනවා – රතන හිමි

colombotoday

නැවත දැනුම්දෙනතුරු සියළුම අධ්‍යාපන චාරිකා අත්හිටුවයි !

colombotoday

කොරෝනා වයිරසයේ ගෝලීය පැතිරීම වේගවත් වෙලා

colombotoday

ගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බව කියන උණ්ඩ 30 ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

මත්ද්‍රව්‍ය සමග තලවතුගොඩ බොත්තමා අත්අඩංගුවට

colombotoday