Colombo Today Local News

ජාතික පාසල්වල ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

කොවිඩ් වසංගතය හේතුවෙන් දැනට තම නිවස ආසන්න ජාතික පාසල්වල තාවකාලිකව අනුයුක්තව සේවය කරන ගුරුවරුන්ට එම සේවා කාලය දීර්ඝ කරගැනීමට හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එහෙත් එම කාලසීමාවන් අවසන් කළ ගුරුවරුන් තම නිත්‍ය සේවා ස්ථානයට වාර්තා කළයුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, තවදුරටත් එකී අනුයුක්ත සේවා කාලය දීර්ඝ කරගැනීමට අවශ්‍ය නම් පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිගේ නිර්දේශ සහිතව නැවත ඉල්ලීමක් අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථාන මාරු) වෙත ඉදිරිපත් කළයුතු බවය.

රටේ පවතින කොවිඩ් -19 වාතාවරණය හමුවේ පාසල් වසා පවතින මෙම කාලසීමාව තුළ, තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් ජාතික පාසලක් වෙත තාවකාලික අනුයුක්තවීමට ජාතික පාසල් ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය අවස්ථාව සලසා දී තිබුණි.

Related posts

නව නිලධාරී මණ්ඩලයක් සමග ශ්‍රීලනිපය නව ගමනකට සැරසෙයි.. 03 දා ආණ්ඩුවෙන් ඉවතට?

colombotoday

ආබාධිත දරුවෙකු බිහිකළ වරදට කාති උසාවිය දුන් නරුම තීන්දුව

colombotoday

’’වැරදිකරු වුනොත් ඉල්ලා අස්වෙනවා’’ – රංජිත් බණ්ඩාර‍ කියයි

Admin

කොළඹ – පුත්තලම මාර්ගය අවහිර කරමින් විරෝධයක්

colombotoday

කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙන යන්න දෛනිකව ලක්ෂ 30 ක්

colombotoday

ආණ්ඩුව ගෙදර යායුතුයි – දිනේෂ් ගුණවර්ධන

colombotoday