Colombo Today Local News

ප්‍රබල ඇමති බිරියට බැදුම්කර බෑණාගෙන් ‘රේන්ජ් රෝවරයක්‘ තෑගි !

rangerover12මහබැංකු බැදුම්කර වංචාවට චෝදනා එල්ලවී ඇති අර්ජුන් ඇලෝෂියස් රජයේ ප්‍රබලතම ඇමතිවරයකුගේ බිරියට අධි සුඛෝපභෝගී ‘රේන්ජ් රෝවර්‘ රථයක් තෑගි කර තිබෙනවා.

රජයේ මූල්‍ය පරිපාලනයට සම්බන්ධ ප්‍රබලතම පුද්ගලයෙකු වන අදාල ඇමතිවරයා, බැදුම්කර වංචාවේ ද කොටස්කරුවෙකු බවටයි චෝදනා එල්ලවන්නේ. තීරු බදු සහිතව ශ්‍රී ලංකා රුපියල් එක්කෝටි අසූලක්ෂයකට අධික වටිනාකමකින් යුතු නවතම මාදිලියේ ‘රේන්ජ් රෝවර්‘ රථය අර්ජුන් ඇලෝෂියස් විසින් තෑගිකර තිබෙන්නේ ඇමතිවරයාගේ බිරිදගේ උපන් දිනය නිමිත්තෙනුයි.

මේ වන විට අර්ජුන් ඇලෝෂියස් විසින් මෙන්ඩිස් මත්පැන් සමාගම මිලයට ගෙන ඇති අතර ලංකාවට එතනෝල් ආනයනය කිරීමේ බලපත්‍රයද ඔහුට ලබා දී තිබෙන බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වනවා. මේ පිළිබදව පසුගිය කැබිනට් රැස්වීමේදී අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අදාල ප්‍රබල ඇමතිවරයාගෙන් විමසීමක් කර තිබිණි.

“මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් ද, ස්කාගාර මිලදී ගෙන මත්පැන් නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා. එතනෝල් ලංකාවට ගෙන්වනවා“ යැයි රාජිත සේනාරත්න ඇමතිවරයා ඊයේ (26) බේරුවල පැවති රැස්වීමකදී ද ප්‍රකාශකර තිබිණි.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරයට සැකකරුවෙක් මියන්මාරයේදි අත්අඩංගුවට

colombotoday

මීළඟ අගවිනිසුරු ජයන්ත ජයසූරියද? විනිසුරුවරු බුවනෙක අළුවිහාරේද? සිසිර ද ආබෲද?

colombotoday

අකුරණ තෙළඹුගහවත්ත ගම්මානයටත් ඇතුල්වීම පිටවීම තහනම්

colombotoday

කළුදිය පොකුණ හෝටලයක දෙන්න කිවුවා. පාර්ලිමේන්තුවට කැඳවා ඉස්ලාම් දේශපාලකයන් මාව අපහසුතාවයට පත් කළා. පුරාවිද්‍යා අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද හා හෙට විවෘතයි

colombotoday

අත්අඩංගුවට ගතයුතු පොලිසියේ 21 ස්ථාන මාරුවීම් ලබා රාජකාරියේ

colombotoday