පසුගිය 08 වන දින බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් තුන් කෝටි 636,500කට ආසන්න මුදලක් සහ දේපළ සොරාගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අනෙක් සැකකරුවා ද මේ වනවිට හඳුනාගෙන ඇති බවය.
සැකකරු පදිංචි බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි නිවස ආසන්නයේ ස්ථානයක තිබී සොරාගත් මුදල් සහ රන් භාණ්ඩවලින් කොටසක් සොයා ගැනීමට හැකිවූ බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
එහි වටිනාකම දෙකෝටි 1,222,748කි.