Colombo Today Local News

“මහේන්ද්‍රන් හොරෙක් නෙවෙයි.. හොරෙක් කීම ජාතික අපරාධයක්.. කෝප් වාර්තා වැඩක් නෑ“ කිරිඇල්ල

laxman kiriellaමහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අර්ජුන් මහෙන්ද්‍රන් චෝදනා ලබා නැති බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

දැන් මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී කෝප් වාර්තා 30 ක් පැවති බවත් , පුද්ගලයන් එකසිය ගාණකට චෝදනා එල්ල වුවද ඒ අය විත්තිකාරයන්ද යන්න අමාත්‍යවරයා එහිදී ප්‍රශ්න කර සිටියා .

මාධ්‍යට යම් පුද්ගලයෙක් වැරදිකාරයෙකු ලෙස හදුන්වා දීමට නොහැකි බවත් ,යම් කෙනෙක් මාධ්‍යයෙන් වැරදිකරුවෙකු කිරීම ජාතික අපරාධයක් බවයි ඔහු පෙන්වා දුන්නේ . ඇමරිකාවේ මාධ්‍ය එදා ට්‍රම්ප්ට විරුද්ධව කටයුතු කල නමුත් අද ඇමරිකාවේ මාධ්‍යට වටිනාකමක් නැති බවද අමාත්‍යවරයා කියා සිටියා .

අර්ජුන් මහේන්ද්‍රන් වැරදිකරුවෙකු කලේ රටේ මාධ්‍ය බවත් ,පරීක්ෂණ යන අතරතුර කෝප් කමිටු සාමාජිකයන් අර්ජුන් මහේන්ද්‍රන් වැරදිකරු යැයි ප්‍රකාශ කිරීම බරපතල වරදක් බවයි ඔහු සදහන් කලේ .

Related posts

ඉන්දීයාවේ සහ මාලදිවයිනේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

මැතිවරණයෙන් පසු ලොක් ඩවුන් කිරීමක් අවශ්‍ය නෑ

colombotoday

අය වැයෙන් වෙන්කල මුදල් මැතිවරණ කොමිසමට නොදීමට එරෙහිව පෙත්සමක්

Admin

CID අධ්‍යක්ෂට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්.

colombotoday

කොවිඩ් එන්නත ළඟදීම ශ්‍රී ලංකාවටත්

colombotoday

බලන්ගොඩ මුස්ලිම් පල්ලි 13ක දේවමෙහෙයන් අත්හිටුවීමට පියවර

colombotoday