Colombo Today Local News

වහ කන්නයි වෙලා තියන්නෙ.. සෑම නිවසකටම වස කුප්පියක් ලබා දීමට අයවැයෙන් ප‍්‍රතිපාදන ඕනෑ

udaya gammanpilaසෑම නිවසකටම වස කුප්පියක් ලබා දීමට අයවැයෙන් ප‍්‍රතිපාදන වෙන් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කරමින් කියා සිටියේය.

යුක්තිය ඉටු කර ගන්න දැකුම් පුදන්න වෙලා

අයවැය යෝජනා අතුරෙන් නරකම යෝජනාව තමයි නඩු පැවරීමටත් ගාස්තුවක් අය කිරීම. මේක නම් ඒකාබද්ධ විපක්ෂය ඉලක්ක කර ගත් යෝජනාවක්. අපි පසුගිය කාලයේ ආණ්ඩුවට එරෙහිව විශාල නඩු ගණනාවක් ගොනු කලා. වැට් බදු පනත පමණක් අපි තුන් වරක් උසාවියේ අභියෝගයට කළා. එයින් මුදල් ඇමතිතුමා දැඩි පීඩනයකට ලක් වුණා. විද්දේ ඒකාබද්ධ විපක්ෂයට වුණත්වැදුනේ ජනතාවට.

කෙනෙකු උසාවියට යන්නේ තමන්ට අසාධාරණයක් වුණාම යුක්තිය ඉටු කර ගන්න. දැන් යුක්තිය ඉටු කර ගන්න නම් උසාවි ගාස්තු ගෙවන්න මුදල් තිබෙන්න ඕනෑ. ඒ අනුව යුක්තිය කියන්නෙත් ඇති හැකි අයට පමණක් භුක්ති විඳිය හැකි භාණ්ඩයක් වෙලා. ඉස්සර රජ කාලයේ අසාධාරණයකට ලක් වුණාම යුක්තිය ඉටු කර ගන්න ගම් මුලාදෑනියන් මුණ ගැසෙන්න ඕනෑ. එතකොට දැකුම් නමින් තුටු පඬුරු ගෙනි යන්න ඕනෑ. දැකුම් ගෙනි යන්න වත්කමක් නැති අය අසාධාරණය ඉවස ගෙන ජීවත් වෙන්න ඕනෑ. උසාවි ගාස්තු හඳුන්වා දීමෙන් ලංකාව යලිවැඩවසම් යුගයට ගෙන ගොස් තිබෙනවා.

සෑම නිවසකටම වස කුප්පියක් ලබා දීමට ප්‍රතිපාදන

මේ අයවැයෙන් පස්සේ සල්ලි නැති මිනිසාට විතරක් නොවේ, සල්ලි තිබෙන මිනිසාටත් ජීවත් වීම ප්‍රශ්නයක් වෙලා. බැංකු වල සල්ලි තැන්පත් කරන්න බෑ පොලි මත බදු ගහනවා. කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න බෑ විකුණන විට ප්‍රාග්ධන බදු ගහනවා. ඉඩමක ආයෝජනය කරන්න බෑ විකුණන විට බදු ගහනවා. මේවා ගැන සිතමින් පාරේ යන්න බෑ මාර්ග අනතුරක් වුණොත් දඩය රු 2,500යි. තුවාල වී රෝහලට ගෙන ගියාම වැට් බද්දට අමතරව තවත් රු25,000ක් ගෙවන්න ඕනෑ.

මේ ගැන කෙතරම් කේන්ති ගියත් අඩුම ගණනේ නඩුවක් පවරන්න බෑ. නඩු දාන්නත් ගාස්තුවක් අය කරනවා. ජීවිතේ එපා වුණත් වස කුප්පියක් ගන්න බෑ ඒකටත් වැට් ගහලා. ඒ නිසා මෙවර අයවැය යෝජනාවක් ලෙස ඇති හැකි නැති බැරි සෑම නිවසකටම ආණ්ඩුවේ වියදමෙන් වස කුප්පියක් ලබා දෙන්න යෝජනා කරනවා.

– අරවින්ද අතුකෝරල

Related posts

අවලංගු වූ උසස් පෙල කෘෂි විද්‍යාව විභාගය පෙබරවාරියට

Admin

අධිකරණ සංශෝධන පනතේ කරුණු ව්‍යවස්ථාවට පටහැණියි… ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකට දන්වයි

colombotoday

කුඩා දැරිවියන් විවාහ කරගැනීම ගැන පොහොට්ටු ජා.ලැ අපේක්ෂක අලි සබ්‍රි තමාගේ ස්ථාවරය පැවසිය යුතුයි.

colombotoday

මගුල් – අවමඟුල් විතරයි වෙන මොකටවත් අවසර නෑ

colombotoday

කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටී රෝහලේ…

Admin

සෑම පුරවැසියෙක්ම නැගී සිටිය යුතුයි.. අස්ගිරි මහානාහිමියන්ගෙන් ඉලලීමක්

colombotoday