Colombo Today Local News

පාඨලී හක් ගෙඩියෙන් ටෙලිෆෝනයට.. සභාපති තනතුර සරත් ෆොන්සේකාට

පාඨලී චම්පික රණවක සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.

එමෙනම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය පක්ෂයේ අද පැවති පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත් කර තිබෙනවා.

මහ ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාද, ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක මහතාද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල,කබීර් හෂීම්, ඉමිතියාස් බාකීර් මාකර්, රාජිත සේනාරත්න,කුමාර වෙල්ගම සහ රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන්ද පත්කර තිබෙනවා.

තළතා අතුකෝරළ, ගයන්ත කරුණාතිලක, දිලිප් වෙදආරච්චි, ඒ එච් එම් හලීම්, චන්ද්‍රාණි බණ්ඩාර, පී හැරිසන්, හරීන් ප්‍රනාන්දු සහ සුජීව සේනසිංහ යන මහත්ම මහත්මීන් උප සභාපතිවරුන් ලෙස කටයුතු කරනු ඇති.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික ධුරයටත්,අජිත් පී පෙරේරා මහතා ප්‍රධාන විධායක ලෙසටත් පත්වීම් ලබා තිබෙනවා.

Related posts

විල්පත්තුවේ මුවන් මැරූ 7ක් හිරේ

colombotoday

රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම ගැන චක්‍රලේඛයක්

colombotoday

දැල්වෙන පහන් වැටි ඔස්සේ අඳුර දුරුවී සැබෑ සහජීවනයේ ආලෝකය විහිදයේවා !

colombotoday

පාස්කු පැමිණිල්ල කාදිනල් දෙවියන්ගේ අධිකරණයට භාරදෙයි

colombotoday

චමල් රාජපක්ෂ යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි

colombotoday

පුජිතට සහ නාලකට එරෙහිව පිවිතුරු හෙළ උරුමය ජාතික පොලිස් කොමිෂන් සභාවට

colombotoday