2 April 2025
Colombo Today Local News

ජමියතුල් උලමාත් ආගමානුකූලව ළමා අපචාර කිරීමේ ලයිසන් එක දිගටම ඉල්ලයි

ulama-child-rapeජී.එස්.පී සහනය ලබා ගැනීම වෙනුවෙන් මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට රජය ගෙන ඇති තීරණයට සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය දැඩි විරෝධය පලකර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ මෙරට ක්‍රියාත්මක මුස්ලිම් විවාහ නීතිය (පුද්ගල නීතිය) ආරක්ෂා කිරීම ඔවුන්ගේ වගකීම බවයි. විදේශ හෝ දුෂ්ඨ බලවේග මගින් ඇතිකරන බලපෑම් හේතුවෙන් එම නීතිය සංශෝධනය කිරීම තරයේ හෙළා දකින බවද ඔවුන් සදහන් කරයි.

ඉස්ලාමීය ශරීයා විවාහ නීතිය අනුව වැඩිවියට පත්වූ දැරියන් වයස් සීමාවකින් තොරව විවාහ කර ගැනීමට ඉස්ලාම් භක්තිකයන්ට අවසර ලැබේ. මෙම නීතිය සංශෝධනය නොකරන්නැයි බළකරමින් තව්හීද් ජමාත් නමැති සංවිධානයක් පසුගිය සතියේ කොළඹදී උද්ඝෝෂණයක් කැදවා තිබිණි. ඉස්ලාම් ආගම අනුව දැරියක වැඩිවියට පත්ව ඇත්නම් වයස අවුරුදු 12ට අඩු වුවත් පල්ලියේ කාතිවරයාගේ අවසරය මත විවාහ කරගත හැකි බවත්, එසේ විවාහ කරගන්නේ අවශ්‍යතාවයන් තෘප්තිමත්කරගැනීමට බවත් ඒ සදහා වයස අවුරුදු 12 ද, 10, 8 ද යන්න වැදගත් නොවන බවත් උද්ඝෝෂණයේ නිරත වූ තව්හීද් ජමාත් සංවිධානය ප්‍රකාශ කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට අනුව ළමයෙකු යැයි සැළකෙන වයස් සීමාව අවුරුදු 17 වන අතර, වයස 17ට අඩු ළමයෙකුට කැමැත්ත, ඇතිව හෝ නැතිව මානසිකව හා ශාරීරිකව, ලිංගිකව අයුතු බලපෑම් කිරීම,  ළමා අපචාරයක් සේ සැළකෙන අතර එය මෙරට නීතියෙන් බරපතල දඩුවම් ලැබිය හැකි වරදකි.

ජමියාතුල් උලමා සංවිධානයේ නිවේදනය

jamiyathul-ulema

Related posts

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට ‘හෑෂ්’ මත් පැණි කිලෝවක් සමග සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ සරසවි කුලපති ධුරයට

colombotoday

වඩමාරච්චි මුහුද දකුණේ ධීවරයන්ට තහනම් කරයි

colombotoday

මළ සිරුරුවලින් වෛරසය ජලයට එකතු නොවේ යැයි නිගමනය කරන්න බෑ. හොඳම විකල්පය තමයි පිළිස්සීම. | මහාචාර්ය මංගල චතුරංග ද සිල්වා

colombotoday

මසුන් මැරීමට ඩයිනමයිට් දැමූ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකුගේ අත් කකුල් කැඩී වෙන්වී යයි

colombotoday

කටුනායක – චෙන්නායි අතර ගුවන්ගමන් තාවකාලිකව නවතී

Admin