Colombo Today Local News

ඇමති පියල්ගේ වැටුප පරිත්‍යාග කරන්න බෑලු

තමාගේ වැටුප කොවිඩ් -19 අරමුදල සඳහා කිසිසේත්ම පරිත්‍යාග කිරීමට නොහැකි බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත පවසයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ අමාත්‍යාංශයේ ඊයේ (23)දින පැවැති මාධ්‍ය හමුවකදීය. ඇමැතිවරයා පෙන්වා දෙන්නේ මූල්‍ය ආයතනයකින් ගත් ලක්ෂ සියයක ණයක් සඳහා වාරික ගෙවීමට ඇති බැවින් තමාගේ වැටුප කොවිඩ් -19 අරමුදල සඳහා පරිත්‍යාග කිරීමට නොහැකි බවය.

එහෙත් මං වැටුප පරිත්‍යාග නොකළාට මගේ බේරුවල ආසනයේ ජනතාවට ගොඩක් උදව් කරනවා. මෙම කොවිඩ් වසංගතයෙන් මියයන සෑම අයකුටම මිනී පෙට්ටි අරන් දෙනවා. ඒ විතරක් නෙවෙයි නිරෝධායනය වන පවුල් සඳහා ආහාර මළු ද ලබා දෙනවා.‍එ හෙත් අනෙකුත් මහජන නියෝජිතයන්ගේ වැටුප් එම අරමුදල සඳහා පරිත්‍යාග කිරීම හොඳ සත් ක්‍රියාවක් යැයිද හෙතෙම කීවේය.

Related posts

විස දුමාරයක් අග්‍රාණය වී 10දෙනෙක් රෝහලේ…

Admin

අධිකරණ ක්‍රියාවලි වෙත යොමු වී ඇති පක්ෂ 6ක ක්‍රියාකාරීත්වය තාවකාලිකව අක්‍රිය කිරීමට පියවර

colombotoday

අමෙරිකානු රාජ්‍ය ලේකම් අද දිවයිනට

colombotoday

පෘථිවිය ට සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනේ

colombotoday

මියන්මාරයේ දී පූජ්‍ය විරතු හිමි හා පුජ්‍ය ඤාණසාර හිමි අතර හමුවක්

colombotoday

පුතා කැපු කොස් ගසට යටවී පියා මිය යයි

Admin