Colombo Today Local News

හිලරිට ජයපතා පොල් ගැසූ අය ට්‍රම්ප් දෙසට හැරෙයි.. හමුදාවට දඩුවම් දෙන්න සහය ඉල්ලන්න යයි

tna-33

හිලරි ක්ලින්ටන්ට ඇමරිකානු ජනපතිවරණයේ ජයග්‍රහණය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් පොල් ගැසූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීන් ඇතුළු බෙදුම්වාදී පිරිස, හිලරිගේ පරාජයත් සමග නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග අත්වැල් බැදගැනීමට සූදානමින් සිටින බව දැනගන්නට ලැබේ.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසුව උතුරු පළාත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී, වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්සිනා වන එම්.කේ. ශිවාජිලිංගම් පවසා ඇත්තේ යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට නව ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.

එම්.කේ. ශිවාජිලිංගම්, සහ හිටපු කොටි ත්‍රස්ත ප්‍රධානියෙකුගේ බිරිද වන උතුරු පළාත්සභා මන්ත්‍රීනි ආනන්දි ශශිදරන් පසුගියදා යාපනය නල්ලූර් කෝවිලේදී හිලරි ක්ලින්ටන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් විශේෂ දේව පූජාවත් පවත්වා තිබිණු අතර එහිදී පොල් ගෙඩි 1008ක් පොලොවේ ගස ඇති බවද පැවසෙයි.

Related posts

කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් ආයුර්වේද රෝහල් 16ක් සූදානම් කර අවසන්

colombotoday

කරූට එජාප නායකත්වය දෙන්න බැහැ – රනිල්

colombotoday

සාකච්ඡා අසාර්ථකයි දුම්රිය වර්ජනය අඛණ්ඩව

colombotoday

හම්බන්තොට චීනයට දි ගත් චෙක්පත් අතුරුදන්.. මහ බැංකුවට බැර කර නෑ !

colombotoday

උඩරට දුම්රිය මාර්ගයේ අවහිරතා අවසන්

Admin

පොහොට්ටුව රටේ බලය අල්ලන බව බැසිල් කියයි

colombotoday