Colombo Today Local News

“උතුරේ සිදුවීම් පාලනයට රජය අසමත්.. ජාත්‍යන්තර මැදිහත්වීමක් වහා අවශ්‍යයි“ – විග්නේෂ්වරන්

vigneshwaran

උතුරේ ගැටලු විසඳීම වෙනුවෙන් ඉදිරියේදී ජාත්‍යන්තර මැදිහත් වීමක් අතවශ්‍ය බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසයි.

දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ හා පොදු රාජ්‍ය මණ්ඩලයේ කටයුතු පිළිබඳ බි‍්‍රතාන්‍ය නියෝජ්‍ය ඇමති ජොයිස් එන්ලි හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.

උතුරු පළාත තුළ සිදුවන සිදුවීම් රජයට පාලනය කරගත නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරන බවත් ඒවාට ලබාදෙන විසඳුම් ද පිළිගත හැකි ඒවා නොවන බවත් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

ඔහු වැඩිදුරටත් පවසන්නේ එදා සිට යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ දේශීය යාන්ත‍්‍රණයක් තුළ සිදුවන දේ පිළිගැනීමට සියලූ දෙනා එකඟ නොමැති නිසා බවයි.

මේ අතර බි‍්‍රතාන්‍ය නියෝජ්‍ය ඇමතිවරිය පවසා ඇත්තේ ඉදිරි වසර 3ක කාලය තුළ උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමට බි‍්‍රතාන්‍ය රජයෙන් ස්ටර්ලින් පවුම් මිලියන 1යි දශම 4ක මුදලක් ලබාදෙන බවයි.

Related posts

තැපෑලේ විසිඑක් දහසක් අද සිට දෙදිනක් වර්ජණයේ !

colombotoday

ප්‍රමිතියෙන් තොර පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනගත කරයි

Admin

දෙමළ ජනතා අයිතීන් දියවු.. ආණ්ඩුවට විරුද්දව උතුරේ හර්තාලයක්

colombotoday

එජාප ජනපති අපේක්ෂකයා තේරීමට සිරිකොතේ විශේෂ රැස්වීමක් !

colombotoday

උතුරු පළාතේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක

Admin

මැදමුලන රාජපක්ෂ සමාධියටත් FCID පනී

colombotoday