Colombo Today Local News

යුද්ධය හරියට කරාද.. හොයා බලන දකුණු අප්‍රිකානු මොඩලයේ කොමිසම එන අවුරුද්දේ මුල

mangala-samaraweera

විදේශ ඇමති මංගල සමරවීර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේදී පොරොන්දු වූ පරිදි ‘සත්‍ය, යුක්තිය සහ සංහිදියාව පිළිබද කොමිසම“ ලබන වසරේ මුලදී පිහිටුවීමට ආණ්ඩුව තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

උතුරු නැගෙනහිර ප්‍රදේශ කෙන්ද්‍රකරගෙන පැවති යුද්ධයේදී සිදුවූයේ කුමක්ද? ජාත්‍යන්තර නීති උල්ලංඝණය කර ඇත්ද? යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මෙම කොමිසම පිහිටුවන අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංගගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ ලේකම් කර්යාලය විසින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබේ.

1960 සිට 1994 දක්වා කාල පරාසය තුළ දකුණු අප්‍රිකාවේ සිදුවූ වර්ගවාදී අරගලවලින් පසුව සංහිදියාව ගොඩනැගීම සදහා ගත් ක්‍රියාමාර්ගයක් වශයෙන් ස්ථාපිත වූ “දකුණු අප්‍රිකානු සත්‍ය සෙවීමේ කොමිසම“ ප්‍රකාරව මෙරට යුද සමයේදී සිදුවූ දෑ සම්බන්ධයෙන් විමර්ශණය කරන මෙම කොමිසම පිහිටවනු ලැබේ.

ජනපති නෙල්සන් මැන්ඩෙලාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ සත්‍ය සෙවීමේ කොමිසම මගින් එරට සිවිල් අරගල සමයේ සිදුවූ දෑ සම්බන්ධයෙන් වගකිවය යුතු පාර්ශව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කෙරිණි.

 

Related posts

සභාවේදී ගුටි ඇණගනී… විවේකයේදී කේක් කවාගනී… ජනතා නියෝජිතයෝ ජනතාව රවට්ටන හැටි – වීඩියෝ සහිතයි

colombotoday

වැලිසර රිය අනතුරින් බරපතළ තුවාල ලබා දැඩි සත්කාරයේ සිටි සිසුවාත් මියයයි

colombotoday

ගාල්ල මකුළුලුවේදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි – එකම පවුලේ 6ක් රෝහලට

colombotoday

දුර්ලභ ගණයේ කළු කොටියා මිය යයි

colombotoday

නව වසරේ දින 9ක් තුළ ඩෙංගු රෝගීන් 247 ක්

colombotoday

ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියේ සැගවුණු අරමුණු – වෛද්‍ය වසන්ත බන්ඩාර

colombotoday