Colombo Today Local News

රෝගියෙකුට ඖෂධ රැගෙන යන බව පවසා ජාවාරම්කාරියකට හෙරොයින් රැගෙන ගිය අයෙක් අත්අඩංගුවට

රෝගියෙකුට අවශ්‍ය ඖෂධ රැගෙන යන බව පවසා මෝටර් රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පුද්ගලයෙකුව පොලීසිය විසින් ඊයේ (23)දින අත්අඩංගුවට ගෙන තිබේ.

ඉංගිරිය කැටකැඩැල්ල පොලිස් මාර්ග බාධකයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරු 34 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මාර්ග බාධකයේදී එම වාහනය නතර කිරීමෙන් පසු රෝගියෙකුට අවශ්‍ය ඖෂධ රැගෙන හොරණ සිට කිරිඇල්ල දෙසට ගමන් කරන බවට අදාළ සැකකරු පොලීසියට පවසා තිබේ.

පොලීසිය පැවසුවේ මෝටර් රථයක් පරීක්ෂා කිරීමකදී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 05ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 200ක් සොයා ගත් බවය.

රත්නපුර – කිරිඇල්ල ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම්කාරියක් වෙත ලබාදීම සඳහා මොහු මෙම මත්ද්‍රව්‍ය රැගෙන ගිය බවද අනාවරණ වී ඇත.

Related posts

පිටිගල තිදරු පියකු අභිරහස් ලෙස කෙසෙල් හේනක මැරිලා

Admin

මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් අල්ලයි

Admin

වගකීමක් නැති, ඔළුවක් නැති ජනපතිගේ නමත් අපට ලැජ්ජාවක්.. ගලවලා විසිකරල දැම්මා – අම්පිටියේ නාහිමි

colombotoday

කපා දැමූ විශ්‍රාම වැටුප ඉල්ලා ආබාධිත රණවිරුවෝ මහපාරට

colombotoday

දහම් පාසල් වහයි

colombotoday

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් – “ගැප්” ක්‍රමයට ණය ගන්න රජය තීරණය කරයි

colombotoday