Colombo Today Local News

ශ්‍රීපාද අඩවියේ අරාබි ඉදිකිරීම තාවකාලිකව නවතී !

hghg212

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් විසින් ශ්‍රීපාද රක්ෂිතය මායිමේ නල්ලතන්නිය – පීක්ෆීල්ඩ් වතුයායේ ඉදිකරමින් පැවති ඉදිකිරීම අත්හිටුවන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් තමන්ට දැන්වූ බව එම වතුයායේ අධිකාරීවරයා පැවසූ බව මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (31) එම වතුයායේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ඉදිකිරීම් අත්හිටුවන්නැයි පැවසූ බවයි වතු අධිකාරී දිෂාන් සෙනවිරත්න මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ ඉදිකිරීම් නවත්වන ලෙස තමන් නියෝක කළ බව මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර ඉදිකිරීම් ස්ථීරවම නවත්වනවාදැයි අදාළ ඉදිකිරීම් කරන සමාගම මෙතෙක් ප්‍රකාශ කර නැත.

ශ්‍රීපාද අඩවියේ ඉදිකිරීම ස්ථීරවම නැවැත්වූ බවට රජයේ බලධාරීන් ලිඛිතවම සහතික වන තුරු අඛණ්ඩවම සිය විරෝධය ගෙන යන බව ජාතික සංවිධාන නියෝජිතයන් ප්‍රකාශ කරයි.

දුරකථන සමාගමක කොටස් හිමිකාරීත්වයෙන් යුතු එක්සත් අරාබී එමීරයේ “අබු ඩුබායි කැපිටල් ගෘප්“ නම් සමාගමක් විසින් මෙම ඉදිකරීම සිදුකරමින් පැවතිණි.

Related posts

අනිද්දා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Admin

හොර පොලිස් නිලධාරීන් 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට

Admin

ශිෂ්‍ය ක්‍රියාකාරී මංගල මද්දුමගේ අත්අඩංගුවට..

colombotoday

පොලීසිය මගහරිමින් සිටි අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල දී අත්අඩංගුවට

colombotoday

ෆෙඩරල් යෝජනාව ගැන ආණ්‌ඩුව නිහඬ එය පිළිගන්නා නිසාද?

colombotoday

කොළඹ ඩෙංගු මඩින්න වොල්බැකියා මදුරුවන් මුදාහැරී

Admin