World

දෙවියන් වෙනුවෙන් ජිහාඩ් ප්‍රචලිත කරන්න හැදූ කාටාර් ජාතිකයන්ට මක්කම යෑමත් තහනම් වෙයි.

කටාර් ජාතිකයන්ට මක්කම පිහිටි මහ පල්ලියට ඇතුළු වීමට ඉඩ නොදීමට සෞදියේ බලධාරීන් කටයුතු කර ඇතැයි දෝහා හි පිහිටි අල් ෂාක් පුවත්පත වාර්තා කරයි.

මේ තත්ත්වය හේතුවෙන් ගල්ෆ් කලාපීය අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි වාර්තා වේ.

කටාර් පුරවැසියන්ට මක්කම පිහිටි මස්ජීද් අල් හරාම් මහ පල්ලියට ඇතුළුවීමට ඉඩ නොදුන් බව එරට පුරවැසියන් පවසා ඇතැයි අදාළ පුවත්පත වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ ජාතික මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි ලැබී තිබේ.

මෙම සිදුවීම් මානව හිමිකම් ප්‍රඥප්තීන්වලින් අවසර දී තිබෙන පරිදි පුද්ගලයන්ට ආගමික ස්ථානවලට පිවිසීමටත් ආගමික කටයුතුවල නිරත වීමටත් දී තිබෙන අයිතිය උල්ලංඝණය කිරීමක් යැයි කටාර් රාජ්‍යයේ ජාතික මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී අලි බින් සමායික් අල් මාරි පවසා ඇත.

කෙසේ නමුත් ඉස්ලාමීය ආගමිකයන්ගේ ප්‍රධානතම ආගමික ස්ථානයක් වන මක්කම පිහිටි ප්‍රධාන පල්ලියට ඇතුළුවීමේදී සෞදි බලධාරීන් සාමාන්‍යයෙන් කිසිවකුගේ ජනවර්ගය හෝ නිකාය හෝ නොවිමසන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබිණි.

මෙම සිදුවීම් වාර්තා වූයේ සමාජ මාධ්‍යය ඔස්සේ කටාර් රාජ්‍යයට අනුකම්පා සහගත ප්‍රකාශ කිරීම වරදක් බවට එක්සත් අරාබි රාජ්‍යය සහ බහරේනය  ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුය.

ඒ අනුව එම වරදට වසරක 15ක සිර දඬුවමක් සහ ඇමෙරිකා ඩොලර් 136,000ක දඩයක් ද පනවන බව එක්සත් අරාබි රාජ්‍යය ප්‍රකාශ කළ අතර බහරේනය ඊට පස් වසරක සිර දඬුවමක් පනවන බව නිවේදනය කර ඇත.

සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමට ඉකුත් 5 වැනිදා කටයුතු කළේය. කටාර් රාජ්‍ය ත්‍රස්තවාදයට සහ මූලධර්මවාදී අදහස් ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවට එම රටවල් චෝදනා කළේය.

සෞදි අරාබිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව මුලින්ම කටාර් රාජ්‍යය සමඟ තිබෙන සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමට කටයුතු කළ අතර යේමනය සහ ලිබියාවත් ඉන් අනතුරුව එම පියවර අනුගමනය කළ අතර ජෝර්දානය ඇතුළු තවත් රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත දැමීමට පියවර ගත්තේය.

Related posts

ගුවන් ධාවන තරගයේ දී යානා දෙකක් එකිනෙක ගැටී නියමුවන් දෙදෙනෙක් මරුට

Admin

පුද්ගලයන් 1,000ක් රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරක

Admin

ඊජිප්තුව සහ රුසියාව අතර ගුවන් ගමන් රුසියාව නවතාදමයි

colombotoday

පූටින් සිව්වනවරටත් අභිමානවත් ලෙස දිවුරුම් දුන් හැටි මෙන්න (Video)

colombotoday

හැට වසරකට පසු මාලදිවයිනේ මරණ දඬුවම ක්‍රියාත්මකයි

colombotoday

අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි මරා දමයි

colombotoday