Colombo Today Local News

කඩු දෙකක් සමග “ආවා ගෘෘප්“ දෙන්නෙක් අල්ලයි.. කඩු අරන් ගියේ නාට්‍යක් පුරුදු වෙන්නලු !

awaa233

උතුරු පළාතේ ක්‍රියාත්මක බව පැවසෙන ”ආවා ගෲප්” සාමාජිකයන් ලෙස සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව යාපනය පොලිසිය පවසයි.

සැකකරුවන් ළඟ තිබී කඩු දෙකක්ද පොලිසිය භාරයට ගත් බව යාපනය පොලිසියේ නිලධාරියෙක් කියා සිටියි.
යාපනයේ අතුරු මාර්ගයක් ඔස්සේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී කඩු දෙක සොයා ගත් බවත් එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.

නාට්‍යයක් පුහුණු වීම පිණිස කඩු දෙක රැගෙන යන බව ප්‍රශ්න කිරීම්දී සැකකරුවන් කියා සිටි බව පවසන පොලිසිය එම කඩු නාට්‍යය සඳහා භාවිත කරන ”සෙල්ලම් කඩු” නොව පුද්ගලයන්ට හානි කළ හැකි අන්දමේ ප්‍රමාණයෙන් විශාල ඒවා බව කියා සිටියේය.

පසුගිය සතියේදී යාපනයේ ස්ථාන කීපයකින් හමුවූ කඩු සහ මෙම කඩු දෙක අතර බොහෝ සෙයින් සමාන බවක් දක්නට ලැබෙන බවත් පොලිසිය පවසයි.

‘උතුරේ බියක්’

සන්නද්ධ කණ්ඩායම් සම්බන්ධයෙන් පළ වන වාර්තා හේතුවෙන් උතුරේ සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් එල්ල වී ඇත්දැයි උතුරු පළාත් සභාවේ සභාපති සීවීකේ ශිවඥාණම්ගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ”ආවා ගෲප්” පමණක් නොව යාපනයේ තවත් කල්ලි ගණනාවක්ම ක්‍රියාත්මක වී සිටින බැවින් යාපනයේ ජනතාව දැඩි ලෙස බියට පත්ව සිටින බවයි.

මංකොල්ලකෑම්, බියවැද්දීම්, තර්ජනය කිරීම් හා විවිධාකාරයේ බලපෑම් මෙම කල්ලි විසින් සිදු කරනු ලබන බවද සභාපතිවරයා කියා සිටියේය.

සාමාන්‍ය ජනතාව විසින් ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පැමිණිලි පොලිසිය විසින් විභාග කරනු ලබන නමුත් සැකකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වී ඇති බවද ඔහු පැවසීය. මහජන සහාය ප්‍රමාණවත් නොවන නිසා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිසිය තමා සමග කියා සිටි බවත් සභාපතිවරයා සඳහන් කළේය.

බලයක් ඇති පොලිසියට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිනම් තර්ජන පවතින යාපනයේ අහිංසක වැසියන් සැකකරුවන් පිළිබඳ තොරතුරු හෙළි කිරීම කෙතරම් දුරට ප්‍රායෝගික දැයි උතුරු පළාත් සභාවේ සභාපතිවරයා ප්‍රශ්න කරයි.

බීබීසී

Related posts

2019 මැතිවරණ වසරක්… සූදානම්වන්නැයි ජනපති ශ්‍රීලනිපයට දැනුම් දෙයි…

colombotoday

ආර්ථික විශේෂඥයෝ කියන අය රට භාරව හිටියත් යහපාලන කාලයේ රට හොඳටම වැටුණා – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

colombotoday

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයින් 237 අත්අඩංගුවේ

colombotoday

මැන්ඩෙලා ගිය මගේ යමු… ජනපති ලෝක නායකන්ට ඇරයුම් කරයි…

colombotoday

සහරාන් සමග සබඳතා පැවැත්වු පුද්ගලයෙක් තමිල්නාඩුවේ දී අත්අඩංගුවට

Admin

ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10න් 7ක් චීනයේ

colombotoday