Colombo Today Local News

වගා හානි වීම් තක්සේරු කිරීම් කඩිනම් කරන්නැයි උපදෙස්

    පැවති අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් මෙවර මහ කන්නයේ වී වගා කර තිබූ කුඹුරු අක්කර 61,000ක් හානියට පත් ව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඒ අනුව, කුඹුරු හානි වීම් තක්සේරු කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස තමන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන් බව ඇත.

    ප්‍රංශ රජයේ සහන ණය ව්‍යාපෘතිය යටතේ දංකොටුව ප්‍රදේශයේ ඉදි කළ කිරි ආශ්‍රිත නිෂ්පාදනාගාරයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

    දැනට පවතින එළවළු හිඟය ඉදිරි කාලය තුළ අවසන් වුව ද ලබන ජූනි මාසය වන විට නැවතත් එළවළු හිඟයක් ඇති විය හැකි බව ද අමාත්‍යවරයා එහි දී පැවසීය.

    මෙවර යල කන්නයේ නියඟයක් ඇති වීමේ අවදානම පවතින බැවින් එම එළවළු හිඟයට මුහුණ දීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් වහාම ආරම්භ කරන ලෙස තමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ද අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

    Related posts

    අදත් තැනින් තැන වැසි

    colombotoday

    විහාර සංවර්ධනයට ජනපතිගෙන් මිලියන 195ක්

    colombotoday

    මුහුදු ගිය ධීවරයකු බෝට්ටුවෙන් වැටී අතුරුදන්

    Admin

    “ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් ඉන්ධන බෙදීමෙන් ඉවත් වෙනවා”

    colombotoday

    සූරියවැව ප්‍රා.ස ලේකම් අල්ලස් ගද්දී අල්ලයි

    Admin

    විදුලියට එරෙහිව මානව හිමිකම් පෙත්සම් ගසයි!

    Admin