Colombo Today Local News

කුඩු අල්ලද්දී කුලි වෑන් රියැදුරෙක් හොර සල්ලි එක්ක යුක්තියට කොටු වෙයි

රුපිියල් 11500 ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සන්තකයේ තබාගෙන සිටි කුලී වෑන් රථ රියදුරකු නල්ලතන්නිය නඟරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වලස්මුල ප්‍රදේශයේ (45) හැවිරිදි කුලී වෑන්රථ රියදුරෙකි.

නීති විරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන්නන් යුක්තිය මෙහෙයුම යටතේ පරීක්ෂා කිරීමේදී සැකකරු මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම ව්‍යාජ මුදල් නෝට්ටු අතර රුපියල් 1000 නෝට්ටු 11ක් හා රුපියල් 500 එක් නෝට්ටුවක් තිබුණු බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති ශාන්ත වීර්සේකර මහතා පවසයි.

සැකකරු වලස්මුල්ල ප්‍රදේශයේ සිට ශ්‍රීපාදය බලා වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණ ඇති අයෙකි.

Related posts

දුම්වැටි වර්ග වල නවතම මිල ගණන් මෙන්න

Admin

ප්‍රංශයට යවනවැයි කියා මුදල් ගැරූ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු අත්අඩංගුවට

Admin

ආර්ථිකය ගැන චෝදනා මහින්ද ප්‍රතික්ෂේප කරයි

Admin

කැබිනට් යෝජනා ඉදිරිපත් කිරීමට පෙර අපේ අනුමැතිය ලබාගත යුතුයි, එය එකගතාවයක්…

colombotoday

චම්පික රණවක වෙනුවෙන් රිෂාඩ් බදුර්දීනුත් අධිකරණයට

colombotoday

“සති දෙකක් සඳහා වහාම රට වසා දැමිය යුතුයි” – විමල්

colombotoday