දැනට විදේශගතව සිටින මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුට අයත් බව කියන සුපිරි හෝටලයක් අනවසරයෙන් ඉදිකර ඇති බැවින් එය ඉවත් කිරීම අද (1)දින සිදු කෙරිණි.
වෙරල සංරක්ෂණ වෙරල සමපත් කළමණකරන දෙපාර්තමේන්තුව, පොලීසියේ හා කැරලිමර්ධන ඒකකයේ සහායෙන් එය කඩා ඉවත් කර තිබේ.
හෝටලයක් ඉවත් කිරීමට යාමේදී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ එම හෝටලයේ අධ්යක්ෂවරයකු ඇතුළු තිදෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.