Colombo Today Local News

ශ්‍රීපාද අඩවිය ආක්‍රමණයට අරාබි ජාතිකයෝ උඩින් බහී.. අරමුදල් සෞදියෙන්.. අනුග්‍රහය එටිසලාට් !

සෞදි රජුගේ මූල්‍ය අනුග්‍රහය ඇතිව එටිසලට් සමාගමේ ප්‍රධානීන් විසින් ශ්‍රීපාද රක්ෂිතය එළිකරමින් ඉදිකිරීමක් සිදුකරන බවට අප විසින් පළකරන ලද පුවත තහවුරු වන ඡායාරූප කිහිපයක් මේවන විට සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවති.

අරාබි ජාතිකයන් පිරිසක් ශ්‍රීපාද අඩවියේ ස්ථානයකට හෙලිකොප්ටරයකින් පැමිණ සිටින්නේයැයි එමගින් දැක්වෙයි.

හැටන් නල්ලතන්නිය මාර්ගය ආසන්නයේ, ශ්‍රීපාද අඩවියේ “මරේ“ වතුයායෙන් කොටසක් එටිසලාට් සමාගම හරහා මිලදී ගෙන ඇති බවත්, අරාබි ජාතිකයන් ගුවන් මගින් එම ස්ථානයට යන එන බවත් සමාජ ජාලා ඔස්සේ වාර්තා වී තිබුණු අතර ශ්‍රීපාද රක්ෂිත භූමියේ ඉදිකරමින් පවතින මහාපරිමාණ නවාතැන්පොළ ඉදිකිරීමේ කටයුතු මෙහෙයවන්නේ එම ස්ථානයේ සිට බවත් සදහන් වේ.

පසුගිය රජයේ ඉහළම තැනක මන්ත්‍රී පුතෙකුගේ අනුග්‍රහයෙන් මෙරට ආයෝජන කටයුතු ආරම්භ කළ එක්සත් අරාබි එමීරයේ එටිසලාට් සමාගම මෙරට ඉස්ලාමීය අන්තවාදී ව්‍යාප්තිය සදහා අරමුදල් යොදවන මුල්පෙළේ ආයතනයක් බවට චෝදනා එල්ලවී ඇත. එහි අරාබි ප්‍රධානීන් මුල්වරට ශ්‍රීපාද අඩවියේ මරේ වතුයායට පැමිණ ඇත්තේද දකුණු පළාත නියෝජනය කරන එම තරුණ මන්ත්‍රීවරයා සමගය.

ආදම් නම් පුද්ගලයෙකුගේ පා සටහනක් අතැයි ඉස්ලාම් භක්තියන් අතර පවතින පිළිගැනීමට අනුව ශ්‍රීපාදස්ථානයේ බලය තහවුරු කරගැනීම සදහා සැලසුම් සහගත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඒ සදහා සෞදි අරාබියේ සලමාන් රජු සෘජුවම මැදහත්වී සිටින බවත් සංචාරක නිකේතනයක් ඉදිකරන මුවාවෙන් අගමැතිවරයාගේ මාර්ගයෙන් ශ්‍රීපාද රක්ෂිත අඩවියේ ඉඩම් අත්පත්කරගෙන ඇති බවත් මේවන විට අනාවරණය වී තිබේ.

etisalat-sripada-01etisalat-sripada-02

Related posts

හීනෙකින්වත් වාහනයක් ගැන හිතනව බොරු.. ඊයේ මහ රෑ වඩිකළ බද්දෙන් වාහන මිළ දෙගුණයකින් නගී

colombotoday

බන්ධනාගාරගත රන්ජන් , ශාස්ත්‍රවේදි උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරීක්ෂණයට

colombotoday

චීනය කොරෝනා මර්ධනයට එන්නතක් සොයාගනී !

colombotoday

ජනතාවගේ හැසිරීම අසතුටුදායක බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි

colombotoday

ෆොන්සේකාට උන්හිටිතැන් අමතක වෙයි, යුදබිමේ විරුකම් පෑ රණවිරුවන්ට අටපාස් නැතිවුන් කියා නිගා කරයි

colombotoday

ඉතිහාසය ඇලජික් ‘අලුත් පරපුරේ’ කුවිචාරකයන්ට ජැක්සන්ගෙන් කණ පැළෙන්න උත්තර !

colombotoday