Colombo Today Local News

මහ මගදී හදවත් රෝගයක් වැළඳුණු අයෙකුගෙන් මුදල් කොල්ලකා පලාගිහින්

බඩල්කුඹුර ඇල්ල ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක සිටි පුද්ගලයකුට හදිසියේ හටගත් හදවත් රෝගයක් හේතුවෙන් මෝටර් රථය මාර්ගය අසල නවතා මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයන්ගේ උදව් ඉල්ලා තිබෙනවා.

එම අවස්ථාවේ දී, එම ස්ථානයෙන් ගමන් කල ලොරි රථයක සිටි පුද්ගලයන් තිදෙනකු අදාළ මෝටර් රථය අසලට ගොස් හදවත් රෝගියා සමග කතා කිරීමට උත්සාහ ගෙන ඇති අතර ඔහුට කතා කර ගැනීමට නොහැකි වී හේතුවෙන් හදවත් රෝගයෙන් පෙළුණු පුද්ගලයාගේ සාක්කුවේ තිබූ රුපියල් අසූ එක් දහසක මුදල කොල්ලකා එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.

පසුව වෙනත් පිරිසක් විසින් අදාල රෝගී පුද්ගලයා කඩිනමින් රෝහල් ගත කර තිබුණා.

කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කල විමර්ශනයකදී කොල්ලකෑම සිදු කල බව කියන සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් ගොතටුව,පොලොන්නරුව සහ බඩල්කුඹුර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු විසිඑක,විසිතුන සහ විසිඅට යන වයස් වල පසුවන්නන් බව පොලිසිය ප්‍රකාශ කළා.

එම සැකකරුවන් අද (24)දින මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර හදුනාගෙන ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

උත්සව සමයේ බිත්තර ආනයනය සීමා කරයි

Admin

බස් වර්ජන අඛණ්ඩව – දුම්රිය වර්ජනය අතහරියි

colombotoday

පදික මාරුවේදී මෝටර් රියේ ගැටී පෙරපාසල් ගුරුවරිය මරුට

Admin

“ඔමික්‍රෝන් සැර කොරෝනා වෛරසය ලංකාවේ තිබෙනවාදැයි තවම සහතික කර කියන්න බෑ”

colombotoday

සුරුට්ටු උර උරා ඉඳලා මුදල් ඇමැතිකම් කරන්න පුළුවන්ද…? – රවී අවි අමෝරයි

colombotoday

දුර්ලභ කාසි අලෙවි කිරීමට උත්සාහ කළ 08ක් පැල්මඩුල්ලේදී අල්ලයි

colombotoday