Colombo Today Local News

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් අරඹයි

නව පීලි යොදා ගනිමින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාර්ග හා කර්මාන්ත අංශයේ ප්‍රධාන ඉංජිනේරු එච්.එම්.කේ ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ, පළමු අදියරේදි කැලණි වැලි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බවයි.

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා චීනයෙන් ආනයනය කළ පීලි දස දහසක් හා අනුරාධපුර සිට ඕමන්තේ අතර දුම්රිය මාර්ග නවීකරණයේදී ගලවා ඉවත් කළ පීලි 7000ක් යොදා ගන්නා බවද ඔහු පවසයි.

මාර්ග අබලන් වීම හේතුවෙන් මේ වනවිට සෑම දුම්රියක්ම ධාවනය කරන්නේ වේග සීමාවලට යටත්වයි.

මේ හේතුවෙන් දුම්රිය ගමනාත්ත වෙත ළඟා වීම ප්‍රමාද වන බවට මගීන් චෝදනා කරයි.

Related posts

පහරදී ඝාතනය කර පිළිස්සු තරුණයෙකුගේ සිරුරක් පූජා නගරයේ

colombotoday

මනුවර්ණගෙන් රිලා යෝජනාවක්

Admin

බිලියන 30ක් ඉවත්කරගෙන ආයෝජකයෝ රටින් යයි…

colombotoday

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday

මීළඟ ආණ්ඩුවෙත් කර්මාන්ත අමාත්‍යවරයා මං..

colombotoday

LED දේශපාලන දැන්වීම් තහනම් කල මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව 31 ට කල් යයි.

colombotoday