Colombo Today Local News

විශ්වාසභංගය ආණ්ඩුව පරාජය කළ හොත් ජනතාවත් පරාජයට පත් වෙනවා | විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුව විසින් පරාජය කළ හොත් ඒ සමඟම මේ රටේ ජනතාව ද පරාජයට පත් වන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභං යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.

විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ගේන්නේ සෞඛ්‍ය ඇමතිවරයා ගැන තිබෙන වෛරයකින් ක්‍රෝධයකින් නොව මෙරට අහිංසක ජනතාව ගැන හැඟීමක් තිබෙන නිසා යැයි ජයවර්ධන මහතා කීය.

රටේ සෞඛ්‍ය අර්බුදයක් තියෙනවා කියා පිලිගෙන එයින් ගොඩ එන්න වැඩපිළිවෙළ සකසන ලෙස ඉල්ලා සිටින බව කී මන්ත්‍රීවරයා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටී නැතැයි කිසිවකුට කියන්නට හැකියාවක් නැතැයි ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීම ගැන සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වන්න සූදානම් බවද පැවසීය.

Related posts

රුවන්පුර අධ්‍යාපන පීඨය තාවකාලිකව වැසේ

colombotoday

පොලිසියෙන් හිරිහැර.. අතුරුදන් වූ හේතුව අම්පිටියේ හිමි හෙලිකරයි (Video)

colombotoday

නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත වෙයි

colombotoday

කොළඹ කොටස් වෙළදපොළ බිමටම ඇද වැටෙයි. මාස 18කට පසු අඩුම අගය ඊයේ

colombotoday

“මෛත්‍රීපාල සිරිසේන දැන් මෛත්‍රීපාල රාජපක්ෂ වෙලා“ එජාපයට ගහනකොට ජවිපෙට හොදටම රිදෙයි !

colombotoday

බස් රථවල ඝෝෂාකාරී සංගීතයට තිත

colombotoday