Colombo Today Local News

යකඩ පොල්ලකින් පහර කෑ පුද්ගලයෙක් මිය යයි

කුරුවිට, කොක්ඕවිට ප්‍රදේශයේදී යකඩ පොල්ලකින් පහරදීමෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තිබේ.

කුරුවිට පොලිස් වසමේ නිවසක පදිංචිව සිට ඇති මිය ගිය පුද්ගලයා පැහැරගෙන ගොස් වෙනත් නිවසක් තුළ අයුතු ලෙස සිරකර තබාගෙන පහරදී තිබේ.

නිවසක් තුළ එලෙස පුද්ගලයෙකුට පහරදෙන බවට ඊයේ (21)දින කුරුවිට පොලීසියට ලද තොරතුරක් මත සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව, පහරකෑමට ලක්වු පුද්ගලයාව එම නිවස ආසන්නයේ කැළෑබද ස්ථානයක දමාගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර තුවාලකරුව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමට නිලධාරීන් කටයුතු කර තිබේ.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පහරකෑමට ලක්වු පුද්ගලයා මියගොස් ඇත.

පහරකෑමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 32ක් වන කොක්ඕවිට, පරන්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනයට හේතුව පුද්ගලික අමනාපයක් බව පොලිසිය පවසයි.

මෘතශරීරය රත්නපුර රෝහලේ තැන්පත් කර ඇත.

සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

2020 අවසන් වනතුරු GSP බදු සහනය ලබා දීමට ඇමරිකානු ජනපති ට්‍රම්ප් එකග වෙයි

colombotoday

හෙට සිට විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday

ලංකාවේ නම බැබලවූ රට හොරුන්

colombotoday

වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති.

colombotoday

“විහාර දේවාලගම් සංශෝධන පනත සංඝයා භේදකිරීමට අටවන කෙමනක්“ – ජාතික භික්ෂු පෙරමුණ

colombotoday

වරාය වෘත්තීය සමිති වෙත අධිකරණය දුන් නියෝගයක් තවදුරටත් දීර්ඝ කෙරේ…

Admin