Colombo Today Local News

ජනපති අද එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) රාත්‍රියේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය ඇමතීමට නියමිතව තිබේ.

මෙරට වේලාවෙන් රාත්‍රී 9.30 ට පමණ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර කිසිවකු අත් නොහැරෙන ලෝකයක් වෙනුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක සඳහා මූල්‍යකරණය යන තේමාව යටතේ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබඳ ඉහළපෙළේ සංවාදයකට ද එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

පොදු රාමුවක් සහ ක්‍රියා පටිපාටියක් නොමැති වීමෙන් මධ්‍ය ආදායම් ලබන රටවලට අත්වන ඉරණම පිළිබඳව ජනාධිපතිවරයා මෙම සමුළුවේදී අවධානය යොමු කර තිබේ.

පසුගිය 19 වැනි දා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ලබන 26 වැනි දායින් අවසන් වීමට නියමිතයි.

Related posts

ප්‍රාදේශීය සභා යන්න හිටපු කට්ටිය දැන් පාර්ලිමේන්තුවේ

Admin

ෂරියා නීතියට අතගහන්න දෙන්නේ නෑ – අසාද් සාලි යලි කට අරියි

colombotoday

බන්ධනාගාරගත රැදවියන්ට අමුත්තන් පෙන්වීම නැවත් අරඹයි

colombotoday

මාලිමා දෙකොන පත්තු වෙන දේශබන්දු පොලිස් නාඩගම

colombotoday

කොටවෙහෙරේ කැළෑවක අභිරහස් මළ සිරුරක්

colombotoday

ගිං ගඟ පහළ නිම්නයේ ජල මට්ටම ඉහළට… කළුතර ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

colombotoday