Colombo Today Local News

ආර්ථික බංකොළොත් වෙන්න හේතු අහන්න කබ්රාල් කැඳවයි

ආර්ථික බංකොළොත්භාවය සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15)දින කැඳවා තිබේ.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ, මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතාද අද දිනයේ කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි.

ආර්ථිකය බංකොළොත්වීමට හේතුවූ කාරණා සම්බන්ධයෙන් ඔවුන්ගෙන් සාක්ෂි ලබාගැනීමට සැලසුම් කර ඇති බව සාගර කාරියවසම් මහතා පැවසීය.

මේ අතර, කාරක සභාව හමුවට විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යාඥයින් ඉදිරිපත් කළ වාර්තා අධ්‍යයය කිරීමද මීට සමගාමීව සිදු කෙරෙනු ඇති.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් පසු බදු අඩු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මෙරට ආර්ථිකය බංකොළොත්වීමට බලපා ඇති බවට විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යාඥයින් ආදාළ වාර්තාවලින් පාර්ලිමේන්තු විහේෂ කාරක සභාවට පෙන්වා දී තිබේ.

ආර්ථිකය බංකොලොත්වීමට බලපෑ ඔවුන් පෙන්වා දුන් සෙසු කරුණු අතර

කොවිඩ් වසංගතයත් සමග ආර්ථික ක්‍රියාවලිය සංකෝචනය වීම

රජය අසීමිත ලෙස ස්වයිරී බැඳුම්කර නිකුත් කිරීම මෙන්ම පරිභෝජන ආර්ථිකයකට හුරු වීම යන කාරණා ඇතුළත් ය.

සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ, ඔවුන් පෙන්වා දුන් කරුණු මත පදනම්ව කාරක සභාවේ ඉදිරි විමර්ශන මෙහෙයවන බවයි.

Related posts

ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹෙයි

colombotoday

මහනුවර ඔරලෝසු කණුව “ඉස්මයිල් ටවර්“ ලෙස නම් කරයි !

colombotoday

සෝභිත හිමි ඇරඹූ සාධාරණ සමාජය ජවිපෙ 20ට අත උස්සයි…

colombotoday

සුබ කාලයක් ගැන දිගම්බරම් කියයි

Admin

අයවැය ප්‍රකාශය : විදේශ ගමන් බලපත්‍ර – වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළට

Admin

හෙට විවෘත වන පාසල්

colombotoday