World

රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට යුක්‍රේනයෙන් ප්‍රහාර

යුක්‍රේනය ක්‍රිමියාවේ රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට ප්‍රහාරයක් දියත් කර තිබේ.

ඉන් රුසියානු යුද නැව් දෙකකට හානි සිදුවී ඇති බව පැවසෙයි.

යුක්‍රේන සන්නද්ධ හමුදා කෲස් මිසයිල 10ක් සහ මිනිසුන් රහිත බෝට්ටු 3කින් රුසියාව සිය කළු මුහුදේ බලඇණියේ අලුත්වැඩියා කඳවුරක් ලෙස භාවිතා කරන Sevastopol හි Sergo Ordzhonikidze නැව් අංගනයට ප්‍රහාර එල්ල කළ බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.

එමෙන්ම ගුවන් ආරක්ෂක හමුදා මිසයිල හතක් බිම හෙළූ බවත්, මුර සංචාර නෞකාව වන Vasily Bykov විනාශ කළ බවත් රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ප්‍රහාරයෙන් රුසියානු යුද නෞකා දෙකකට හානි වී 24 දෙනෙකු තුවාල ලබා ඇති බවද රුසියානු බලධාරීහු තහවුරු කර තිබේ.

Related posts

ලොව ප්‍රබලතම තාක්ෂණ සමාගම් සියල්ලම ඉන්දියානුවන්ගේ අණසකට

colombotoday

අයර්ලන්තයට සයිබර් ප්‍රහාරයක් – රජයේ වෙබ් අඩවි කිහිපයක් අක්‍රිය වේ

colombotoday

බොරිස් ජොන්සන් යළිත් ස්වයං නිරෝධායනයට

colombotoday

පසුතැවීමක සේයාවක්වත් නෑ.. වැඩේ තිතටම කළ බව ක්‍රයිස්චර්ච් වෙඩික්කරු අධිකරණයේදී සංඤා කරයි…

colombotoday

මියන්මාර් හමුදාවට එරෙහිව UN මානව හිමිකම් නිර්දේශ, මියන්මාර් රජය ප්‍රතික්ෂේප කරයි

colombotoday

හයිටි ජනපතිව සිය නිවසේදීම ඝාතනය කරයි

colombotoday