තණමල්විල – අරඹෙකෙම ප්රදේශයේ දී ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
එම ගංජා හෙනේ උස අඩි හතරකට ආසන්න උසකින් සරුවට වගා කර තිබූ ගංජා ගස් පහලොස් දහසක් පමණ තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට අධික බවයි පොලිසිය පවසයි.
ගංජා හේන වගා කළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්රදේශයේ ම පදිංචි 36 හැවරදි අයෙකි.