Colombo Today Local News

බංග්ලාදේශයට තවත් ඩොලර් මිලියන 100ක් ගෙවයි

ශ්‍රී ලංකාව විසින් ලබාගත් විනිමය හුවමාරු පහසුකමට අදාළ තවත් වාරිකයක් ගෙවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාව ලබාගත් ඩොලර් මිලියන 200ක විනිමය හුවමාරු පහසුකමට අදාළ දෙවන වාරිකය වශයෙන් ඩොලර් මිලියන 100ක් එලෙස ගෙවා ඇති බවය.

පසුගිය මාසයේදී මෙම විනිමය හුවමාරු ණය පහසුකමෙහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50ක් ශ්‍රී ලංකාව විසින් ගෙවීමට කටයුතු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Bangladesh Bank හි විධායක අධ්‍යක්ෂ Mesbaul Haque පවසා ඇත්තේ ඉතිරි ඩොලර් මිලියන 50ක මුදල මෙම වසර තුළ ගෙවීමට ඇති බවයි.

Related posts

සාෆි සිදුවීමෙන් ආන්දෝලනයට පත් වූ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකට මාරුවක්. ඒක දේශපාලන පළිගැනීමක්. අධ්‍යක්ෂක කියයි

colombotoday

‘තම්බපවනී’ සුළං විදුලි බලාගාරය අද ජාතික පද්ධතියට එක්වෙයි

colombotoday

නීතිවිරෝධීව ගෙන ආ කහ කිලෝ 818ක් නාවික හමුදා භාරයට

colombotoday

කල් තබා ගැනීම සදහා වී තොගවලට උග්‍ර විශ රසායනිකයක් මිශ්‍ර කරලා !

colombotoday

දුගියෙකුව ඉපදී අද රටම දන්නා මහැදුරකු වූ දිරිය මිනිසෙකුගේ කතාව !

colombotoday

අලි සබ්රි 20 සභාගත කරයි, පාර්ලිමේන්තුව ගාලගෝටියක් වෙයි

colombotoday