වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව මේ වනවිට පුද්ගලයින් තුන් ලක්ෂ 12,316 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දිස්ත්‍රික්ක 20 ක පිරිසක් ඉන් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
තවදුරටත් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ ය.
එම සංඛ්‍යාව 70,408 කි.
පීඩාවට පත් පිරිසට පානීය ජලය සැපයීම අඛණ්ඩව සිදු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.