Colombo Today Local News

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී වූ ආන්දෝලනාත්මක මරණ ගැන වාර්තාව සෞඛ්‍ය ඇමතිට

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී ආන්දෝලනාත්මක ලෙස පසුගිය කාලයේ වාර්තා වූ මරණ 6න් 5 කටම බොහෝ දුරට ඖෂධ ආසාත්මිකතාව හේතුව වී ඇති බවත් අසාත්මිකතාවන්ට හේතුවූ ඖෂධ සම්බන්ධ තත්ව පරීක්ෂණ වාර්තා ද නොතිබූ බවත් එම මරණ පිළිබඳව සෙවීමට පත්කළ විශේෂඥා කමිටුව පවසයි.

එම ආන්දෝලනාත්මක මරණ පිළිබඳව සෙවීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් මහතාගේ සභාපතීත්වයෙන් පත්කළ සත් සාමාජික කමිටුව නිර්දේශ නවයක් ද සමගින් කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයාට භාරදී ඇති අතර එම වාර්තාව මේ දක්වා ප්‍රසිද්ධ කර නොමැත.

ජීවිත අවදානම් සහිත ආසාත්මිකතා කළමනාකරණය සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීම සහ ඊට අදාළ යාන්ත්‍රණයක් සකස් කිරීම, ජීවිත තර්ජනයක් සහිත සිදුවීම් වාර්තා වූ අවස්ථාවන්හිදී නිසි සායනික විගණනයක් සිදුකිරීම, ඖෂධ ලියාපදිංචියේදී සහ අළෙවිකරණයෙන් පසුව අහඹු නියදි පරීක්ෂාවන් හරහා රට තුළ භාවිතා කරන ඖෂධවල ගුණාත්මකභාවය රැකගැනීමට කටයුතු කිරීම ඇතුළු නිර්දේශ එම වාර්තාවට ඇතුළත් වේ.

Related posts

මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා කඩා දැමීම ගැන ඉස්ලාම් හැරගිය පුද්ගලයන්ගේ සංවිධානයෙන් නිවේදනයක්…

colombotoday

මහින්ද රාජපක්ෂට බලකාමී උන්මාදය රෝගය වැළදිලා – ප.ච රණවක

colombotoday

වල්සපුගල ගොවීන් ඇරඹු මාරාන්තික උපවාසය අඛණ්ඩව.

colombotoday

එක් අපේක්‍ෂකයකු තෝරා පත්කර ගන්න ජනතා මුදල් කෝටි 5 ක වියදමක්

colombotoday

මහින්ද රාජපක්ෂ ජැක්සන් බලන්න රෝහලට යයි

colombotoday

ශ්‍රීලනිප මුලස්ථානයටත් හොරු පැනලා

colombotoday