Colombo Today Local News

ප්‍රතිලාභ පොලිය තහවුරු කරන්න ඊ.පී.එෆ් පනත සංශෝධනයට අනුමැතිය

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් මුදල් මත වන ප්‍රතිලාභ පොලී අනුපාත තහවුරු කිරීමට හැකිවන පරිදි 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල සතු භාණ්ඩාගාර බැදුම්කර ප්‍රශස්තකරණයට ලක් වීම තුළින් එම අරමුදලේ සාමාජිකයන්ගේ විශ්‍රාමික ගෙවීම් හා ප්‍රතිලාභවලට බලපෑමක් නොවන අයුරින් එකී ගෙවීම් සහ ප්‍රතිලාභ තහවුරු කිරීමේ අවශ්‍යතාවය රජය හඳුනාගෙන ඇත.

ඒ අනුව, පසුගිය වසර පහක කාලයේ සේවක අර්ථසාධක අරමුදල සාමාජිකයන් සඳහා ගෙවනු ලබන වාර්ෂික පොලී ප්‍රතිශතය සැලකිල්ලට ගෙන 2023 සහ 2026 කාලය දක්වා ඉදිරි වසර 4ක කාලයේ දායකත්ව මුදල් මත හිමි වන වාර්ෂික පොලී අනුපාතය අවම වශයෙන් සියයට 9ක් විය යුතු බවට නියම කෙරෙන පරිදි එදා 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනතේ පනත සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල් අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Related posts

කොරෝනාවෙන් ප්‍රංශයේ මියයන මුස්ලිම් ජාතිකයන් වලලන්න ඉඩදුන් ජනපතිට, බදුර්දීන්ගේ ස්තුතිය

colombotoday

ඩෙංගු නැවතත් හිස ඔසවයි.. මේ වසරේ මරණ 35 ක්.

colombotoday

වැට් බද්දට සංශෝධනයක්.. පුංචි සහනයක් දෙන්න තීරණය වෙයි

colombotoday

මාළිගාවත්ත මුස්ලිම් පල්ලියේ ළිදෙන් කඩු 46 ක් ඇතුළු ආයුධ තොගයක් ගොඩ ගනී….

colombotoday

පියසේනට, ඩග්ලස්ට, තොණ්ඩමන්ට රාජ්‍ය ඇමති සැප !

colombotoday

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි හික්ෂූන් වහන්සේලා නඩුවෙන් නිදහස් !

colombotoday